ග්‍රැමී වේදිකාවේ Coldplay හි ක්‍රිස්, ලියම්ගේ මතක අවුස්සයි!

Date:

සටහන – පුලී
පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
වයස අවුරුදු 31 දී එනම් පිරිමියෙකුගේ හොඳම වයසට පැමිණි මුලම ඛේදජනක මරණයකින් අවසන් ගමන් ගිය ඔහු නමින් Liam Payne ය. මෙලොව හැර ගොස් මාස තුනකට පසුව, 2025 ග්‍රැමී සම්මාන උළෙලේදී ඔහුගේ නොමැකෙන නාමය යළිත් සිහි කෙරිණි. 

67වන ග්‍රැමී සම්මාන උළෙලේ මතකාවර්ජනය තුළින් ඉකුත් ඉරිදා රාත්‍රිය ආරම්භ කළේ ලියම්ගේ සහ ඔහුගේ හිටපු One Direction සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වන Harry Styles, Niall Horan, Louis Tomlinson සහ Zayn Malik විසින් වසර ගණනාවක් පුරා මතකය එක්මුසු වූ විවිධ ක්ලිප් සමඟිනි.

මෙම දර්ශනයත් සමඟම, Coldplay හි Chris Martin වේදිකාවට නැඟී, මෘදු ලෙස සිය හඬ අවධි කරමින් “All My Love” ගීතය ආරම්භ කළේය.

පියානෝ වාදනය ද සමඟින් Chris තම ගායනය කරන විට, Liam Payne ඇතුළු කලා ලොවට අහිමි වූ කලාකරුවන්ගේ රූප රටා තිරය පුරා එළි දැක්වෙන්නට විය.

මෙම සිදුවීම ග්‍රැමී සම්මාන උළෙලට සහභාගී වූවන් හැඟීම්බර ලෝකයකට කැඳවාගෙන ගියා නොඅනුමානය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...