වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඊයේ (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
එහිදී,
වාහන අවභාවිතය
නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබාගැනීම
පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය
නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබාගැනීම
නීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියකු පත්කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීමටත් ආහාර හා ප්‍රවාහන පහසුකම් සැපයීමටත් කටයුතු කිරීම
නීතිවිරෝධී ලෙස රජයට අයත් නිලනිවාස දෙකක් භාවිතා කිරීම
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීම නීතිවිරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තම දූෂණ වංචා ක්‍රියා යටපත් කරගැනීමට උත්සාහ කිරීම
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනීතික මැදිහත් වීම
යන කරුණු මත ඔහු 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නමැති වරද සිදුකර ඇති බවට චෝදනා එල්ල කර ඇත.
එම සම්පූර්ණ විස්තර සහිත ලිපිය පහතින් දැක්වේ.









