සිය සමුගැනීමේ නිල හමුවට පැමිණි ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් Faheem-Ul-Aziz..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW :

සිය සේවා කාලය නිමව පිටව යන ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් Faheem-Ul-Aziz (විශ්‍රාමික) මහතා ඊයේ (පෙබරවාරි 02) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා හමුවී සිය සමුගැනීමේ නිල හමුවීම් සිදු කර තිබෙන බව වාර්තා වේ.

කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ කාර්යාලය වෙත පැමිණි පාකිස්ථාන මහ කොමසාරිස්වරයාව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලීව පිළිගෙන තිබේ.

අනතුරුව, පාකිස්ථාන දූත පිරිස ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්වරයා හමුවූ අතර, එහිදී ඔවුන් දෙරට අතර පවතින සබඳතා පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.

මෙම හමුවීම්වලදී දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු ව ඇත.

විශේෂයෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු අවස්ථා සහ දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන අතර, මෑතකදී සිදුවූ දිට්වා ආපදා තත්ත්වයේදී පාකිස්ථාන රජය ලබා දුන් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය අවංක කෘතඥතාව පළ කර තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කර අවස්ථාවලදී පාකිස්ථානය ලබා දුන් නොමසුරු සහයෝගය සහ සහෝදරත්වය ආරක්‍ෂක ලේකම්වරයා විසින් අගය කරන ලැබූ අතර, විශේෂයෙන් ආරක්‍ෂක සහ ධාරිතා වර්ධන වැඩසටහන් හරහා ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට පාකිස්ථානය නිරතුරුවම කැපවී සිටින බව මහ කොමසාරිස්වරයා මෙහිදී යළිත් තහවුරු කර ඇත.

මෙම නිල හමුවීම් සඳහා පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Muhammad Farooq ද සහභාගී වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...