පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW :

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025‑2030 සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව වසර 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම සඳහා සහ වසර 2050 වන විට කාබන් උදාසීනතාව ළඟා කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. 

2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත මඟින් ද එකී සැලැස්ම සකස් කිරීමට නියම කර ඇත. 

ඒ අනුව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර, යෝග්‍ය ඉඩම් හඳුනාගැනීම සහ ප්‍රමුඛතාව ලබා දීම, පුනර්ජනනීය බලශක්ති සිතියම හා පුනර්ජනනීය බලශක්ති උද්‍යාන සංවර්ධනය කිරීමේ කාලරාමුව යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන ආවරණය කරමින් සහ පාවෙන සූර්යබල ව්‍යාපෘතීන් ද ඇතුළත් කරමින් සකස් කරනු ලැබ ඇති ‘පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030’ බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...

මිල්කෝ එක ගොඩදාන්න ඇමති ලලකාන්තගෙන් යෝජනාවක්!

කොළඹ LNW:ඉන්දියාවට විකිණීමට සූදානම් කර තිබුණු මිල්කෝ ආයතනය එම...