පූජාච පූජනීයානං : ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූට !

මෙරටදී පිරිනැමෙන උච්චතම සම්මානය වන “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” හිටපු කථානායක, දේශබන්දු කරූ ජයසූරිය මහතා වෙත අද (03) දිනයේදී පිරිනමා තිබේ.

මෙම සම්මාන ප්‍රදානය වෙනුවෙන් අද පෙරවරුවේ කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවති උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම සම්මානය කරූ ජයසූරිය මහතා වෙත පිරිනමා ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ඨ සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුරවැසියන්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමිවන ජාතික සම්මානයක් පිරිනැමීම 1986 වසරේ සිටම පැවත එන සම්ප්‍රදායකි. ඒ අනුව, මෙරටදී පිරිනැමෙන උච්චතම සම්මානය වන්නේ ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය යි.

මෙම සම්මාන ප්‍රදානය සඳහා පැවති උත්සවය පසුගිය ජුලි 09 වනදා ඇතිවූ මහජන කැළඹීමේදී දැඩි ලෙස අලාභහානියට පත්වූ කොළඹ ජනාධිපති මන්දිරය යළි යථා තත්වයට පත්කිරීමෙන් අනතුරුව එහි පැවැත්වූ පළමු රාජ්‍ය උත්සවය වීම ද විශෙෂත්වයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිව අධිකරණයට රැගෙන යයි!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබූ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය...

ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය යළිත් ඉදිරියෙන්!

කොළඹ LNW:ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය...