රාගම වුණේ නවක වධ සිද්ධියක් ලු. මම සම්බන්ධයි කියා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා – අරුන්දික

Date:

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයෙහි සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට තමන් සම්බන්ධ යැයි ඔප්පු කළහොත් තමන් අනිවාර්යයෙන්ම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව පොල්, කිතුල්, තල් සංවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

“01 වෙනිදා රාත්‍රියේ මෙම සිදුවීම ඇතිවෙලා තියෙන්නෙ. ඇත්තටම මම මේක දැනගත්තෙ අද උදෑසන. එතකොට මට ආරංචි වුණා පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා, ඒ වගේම රාජකාරියට සම්බන්ධ රියදුරු මහත්මයෙකුත් මීට සම්බන්ධ වෙලා තියෙනවායි කියලා. මේ සිද්ධියේදී මම කෙළින්ම කියන්නට ඕනෙ මේකට සම්බන්ධව අපේ කවුරුහරි නිලධාරියෙක් හරි, මේකට මගේ කියන කවුරුහරි සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් තුළ ඒ අය සම්බන්ධයෙන් විනය තීන්දුවක් ගන්න මම අනිවාර්යයෙන්ම පසුබට වෙන්නෙ නෑ. දැන් කවුරුහරි මේ වාහනය අරන් ගිහිල්ලා හරි මේ දරුවන්ට මොනවාහරි සිද්ධියක් සිද්ධ කරලා තියෙනවා නම්, එහෙම තියෙනවා නම් මම මේකට අනිවාර්යයෙන්ම මැදිහත්වෙලා ඒ පරීක්ෂණ කටයුතු හරියාකාරව සිද්ධ කරලා මම ඒක කරනවා.

ඒ වගේම කවුරුහරි කියනවා නම් මේකට මම සම්බන්ධයි කියලා, මේකෙ පරීක්ෂණයක් කරන්න. එහෙම එකක් කරලා ඔප්පු කළොත් මම අනිවාර්යයෙන්ම මගේ අමාත්‍ය ධුරවලින් අයින් වෙනවා. මම සාධාරණය පැත්තෙන් වැඩ කටයුතු කරපු කෙනෙක්. කවදාවත් පොලිසියකවත් මගේ නමක් ගෑවිලා නෑ, මම කිසිම ඒ විදිහේ වැරැද්දක් කරපු කෙනෙක් නෙවෙයි. මගේ දේශපාලන ජීවිතයම එහෙමයි. මම මේ වෙලාවෙදී අතිගරු ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන්න, ඒ සාධාරණ පරීක්ෂණය තුළ මම වැරදිකාරයෙක් නම් මම අනිවාර්යයෙන්ම අයින් වෙනවා.

මේකෙ තව පැත්තක් තියෙනවා. මේක දැන් මම සිද්ධිය හොයලා බලද්දී මේක මේ විශ්වවිද්‍යාලය තුළ නවක වධයට විරුද්ධ වෙච්ච දරුවෙකුට – විශේෂඥ වෛද්‍යතුමියකගේ දරුවෙකුට – තමයි මේ විදියට පහර දීලා, ඒ පහර දීපු සිද්ධියට තමයි මේ අනිත් අය සම්බන්ධ වෙලා තියෙන්නෙ කියලායි මට ආරංචි. ඉතින් මම මේ වෙලාවෙදී නැවත වතාවක් කියනවා, දෙපැත්තෙම කරුණු ඇති. දෙපැත්තෙම කරුණු හරියාකාරව විසඳන්න. මම මාධ්‍යයෙන් ඉල්ලනවා දෙපැත්තෙම කරුණු හරියාකාරව බලලා මේකෙදි හරි තොරතුරු ජනතාවට දෙන්න. මොකද මම අනිවාර්යයෙන්ම මෙතන මොනවාහරි වැරැද්දක් මගේ පැත්තෙන් මම සම්බන්ධ වෙලා සිදුවෙලා තියෙනවා නම් අමාත්‍ය ධුරයෙන් අයින් වෙන්නත් මම කැමතියි. මේ වෛද්‍ය ශිෂ්‍යයාව බේරාගැනීම සඳහා – දිගින් දිගටම මේ වෛද්‍ය ශිෂ්‍යයාට පහරදීලා තියෙනවා – ඒ ශිෂ්‍යාව බේරාගැනීම සඳහා ගියායි කියලායි මට ආරංචිය තියෙන්නෙ. මම දන්නෙ නෑ මේකෙ ඇත්ත”

අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමික කොළ කණ්ඩායමෙන් කොළ එළිය විහිඳුවයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී...

රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිසමේ...

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...