වෛද්‍ය සිසුන්ට පහරදීම : ඇමති අරුන්දිකගේ පුතා රාගම පොලිසියට බාරවෙයි. BMW රියත් පොලිසියට

Date:

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඊයේ (02) රාත්‍රියේ රාගම පොලිස් ස්ථානයට භාරවී ඇති බව වාර්තා වේ.

නීතීඥවරයෙකු මාර්ගයෙන් රාගම පොලිසියට බාර වී ඇති ඔහු වලව්වත්ත, දංකොටුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

එමෙන්ම මෙම පහරදීම සඳහා ඔවුන් පැමිණි BMW වර්ගයේ මෝටර් රථයක් ද කළුබෝවිල ප්‍රදේශයේදී රාගම පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වනවිට 07 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...