අද ලක්ෂයකින් අරඹන කෝටියක් වැඩ කරන බැසිල් : අයවැයෙන් වැඩ ලක්ෂයක් අද සිට

0
460

“අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් එම වැඩසටහන දිවයින පුරා දියත් කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් ජනතා සහභාගීත්වය සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහනේ අරමුණු සහ ක්‍රියාකාරීත්වය පැහැදිලි කළේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here