සිරියාවේ ඉලක්ක වෙත අමෙරිකානු ගුවන් ප්‍රහාර!

Date:

සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 03 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු හමුදාව සිරියාවේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා සඳහන් කළේ, ජෝර්දානයේ ඇමරිකානු කඳවුරක දී සොල්දාදුවන් තිදෙනෙකු මෑතක දී මිය යාමේ සිද්ධිය මූලික කරගනිමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි.

මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි නැගෙනහිර සිරියාවේ ප්‍රහාරවලින් ඉරාන හිතවාදී සටන්කරුවන් හය දෙනෙකු මිය ගොස් තිබේ.

ඔක්තෝම්බර් මාසයේ දී ඊශ්‍රායල – හමාස් යුද්ධය ආරම්භ වීමෙන් පසු මැද පෙරදිග ප්‍රහාරයකින් මිය ගිය පළමු අමෙරිකානු හමුදා නිලධාරින් ඔවුන් වූ අතර, ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

ඩ්‍රෝන යානා, රොකට් සහ කෙටි දුර බැලස්ටික් මිසයිල ඇතුළු ආයුධවලින් අමෙරිකාව සහ සභාග හමුදා ඉරාකයේ, සිරියාවේ සහ ජෝර්දානයේ දී ප්‍රහාර 165කට වඩා එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...