*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ඇනවුම් කළ දොඹකර 3ක් කොළඹ වරායට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඇනවුම් කළ ගැන්ට්‍රි දොඹකර 12 න් පළමු දොඹකර තුන කොළඹ වරායට ඊයේ (02) දින රැගෙන එනු ලැබීය.

නැගෙනහිර පර්යන්තයේ ගැන්ට්‍රි දොඹකර 12ක් හා පර්යන්ත දොඹකර 40ක් මෙහෙයුම් සඳහා සවි කිරීමට නියමිත අතර එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 282 ක් බව සඳහන් වේ.

ගැන්ට්‍රි දොඹකර මීටර් 72ක දිගින් යුක්ත වන අතර හරස් අතට බහාලූ 26කින් යුතු නෞකාවක් එකවර මෙහෙයවීමේ හැකියාව පවතී. මෙහෙයුම් කළ හැකි සමස්ථ ධාරිතාව ටොන් 75ක් බව දැක්වේ.

මෙම ගැන්ට්‍රි දොඹකර 12 න් පළමු දොඹකර 03 කොළඹ වරාය වෙත රැගෙන ඒම සිදුවුණේ ශෙන්හුවා 24 නෞකාවෙන් බව සඳහන් වේ.

එම දොඹකර සදහා වන ලේඛණ නිල වශයෙන් එම නෞකාවේ කපිතාන්වරයාගෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා භාරගනු ලැබීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan