*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ආලවකයා ආවත්, නාලාගිරි ආවත් ගල් පෙරලුවත් රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති පුටුවෙන් ඉවත් කරන්න බැහැ – මනූෂ

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW):හැත්තෑපස් වසරකට දියුණු කරන්න බැරිවුන රට දියුණු කරන්න පුළුවන් එකම නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට සෘජු බලය ලැබුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ සිදුවෙන්නේ අවුරුදු ගණනාවක් විනාශ වුන රටක් කෙලින් කරන වැඩක්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළා.

කුමණ බාධා පැමිණියද ඉදිරි ජනාධිපතිවරණයද රනිල් වික්‍රමසිංහ මහතා නිසැකවම ජය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා. අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ සමුළුව එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

“ආලවකයා ආවත්, නාලාගිරි ආවත් ගල් පෙරලුවත් රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති පුටුවෙන් ඉවත් කරන්න බැහැ.

මේ රට සංවර්ධිත රටක් බවට පත්කරලා මිස එතුමා සිය ගමන් අවසන් කරන්නේ නැහැ කියලා මම විශ්වාසයෙන් කියනවා.අපි දශක ගණනවක සිට පරාජිත ජාතියක් විදිහට පොරොන්දු දේශපාලනය හසුවෙලා රට විනාශ කරගත්තා.හැමදාම රනිල් වික්‍රමසිංහ මහතා රට හදන්න සැරසෙනකොටම ජාත්‍යන්තරය සමඟ මේ රට දියුණු වෙනවාට අකමැති පිරිස රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පුටුවෙන් බස්වන්න කටයුතු කළා.මේ රට සිංගප්පූරවකට එහා ගිය දියුණු රටක් බවට පත් කිරීමට හැකියාව තිබෙන එකම රාජතාන්ත්‍රිකයා වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි.

ඒ නිසා සියලු දෙනාම එකතු වෙලා රටේ ජාතික නායකයා විදිහට තවත් වසර ගණනාවකට එතුමාව ජනාධිපතිධුරයට පත් කළයුතුයි.හැත්තෑපස් වසරකට දියුණු කරන්න බැරිවුන රට දියුණු කරන්න පුළුවන් එකම නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට සෘජු බලය ලැබුණු පළමු අවස්ථාව මෙයයි.අද තමයි එතුමා විසින් සිහින දැකපු විදිහටත් සැලසුම් හදපු විදිහටත් රට හදන්න පටන් අරගෙන තිබෙන්නේ.කට්ටිය හොරු අල්ලනවාද කියලා අහනවා.නමුත් ජනාධිපතිවරයා විසින් හොරු අල්ලන්න කලින් යලිත් හොරකම් කරන්න බැරිවෙන විදිහට අවශ්‍ය නීති සකස් කරලා තියෙනවා.

නැවත වතාවක් මේ රටේ මිනිස්සුන්ව නොමඟ යවන්න බැරිවෙන විදිහට අවශ්‍ය කරන නීති රීති සකස් කරලා තිබෙනවා. තවත් නීති සකස් කරමිනුයි තිබෙන්නේ.මේ සිදුවෙන්නේ අවුරුදු ගණනාවක් විනාශ වුන රටක් කෙලින් කරන වැඩක්.ඒ නිසයි එතුමා 2048 දී රට සමස්ථ වශයෙන්ම ජයග්‍රාහී රටක් බවට පත්වෙනවා කියලා කිව්වේ.හැබැයි අපිට 2024 වන විටම 2018 වර්ෂයේ තිබුණ තත්ත්වයට රට ගෙන එන්න හැකියාව ලැබිලා තියෙනවා.මෙතනින් ඉදිරියට රට ගෙන යාමයි දැන් තිබෙන්නෙ.ඒ සඳහා අපේ පුරුදු වෙනස් කරගන්න සිදුවෙලා තියෙනවා.ඒ වගේම සමාජයක් විදිහට අපිට නිවැරදි වෙන්න සිදුවෙනවා.එහිදී ජනතාව විදිහට සවිඥානික වීම වගේම විනය ගරුක වීමට සිදුවෙනවා.

නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන කරමින් තමයි ජනාධිපතිවරයා මේ ගමන යමින් සිටින්නේ.ඒ නිසාමයි මගෙන් පටන් ගමු කියලා මේ සංශෝධන සියල්ලම එදා පක්ෂ සම්මේලනයෙන් ආරම්භ කරමින් ජනාධිපතිවරයා රටට ආදර්ශයක් ලබාදීමට කටයුතු කළේ.පක්ෂයේ සියලුම නායකයින් එකට එකතු වෙලා ජයගමු ශ්‍රී ලංකා කියලා මගෙන් පටන් අරගෙන මේ රට ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා.ඒකට නායකත්වය ලබාදුන්නේ ජනාධිපතිවරයයි.ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා එකට එකතු වෙලයි ඉන්නේ.

අද අපි මෙතන සඳහන් කරලා තියෙන්නේ යුනයිටඩ් නැෂනල් පීපල් කියලා.ඒ කියන්නේ එක්සත් ජාතික මිනිසුන් කියලයි.අද අපේ වේදිකාවට පොදු ජන පෙරමුණේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදරවරුන් එකතු වුණා.අපි හැමෝම එකතු වෙලා හදන්නේ පුළුල් පෙරමුණක්.එය නිර්මාණය කරන්නේ මේ රට ගොඩනගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නිසයි.ඒ අනුව යුනයිටඩ් නැෂනල් පීපල් වී ආ කියලා සියලුදෙනා එක මිටට ගොනු කරන වැඩපිළිවෙල තමයි මේ ආරම්භ වෙලා තියෙන්නේ.එක්සත් ජාතික පාක්ෂකයින් තමයි මේ ගමනේ පෙර ගමන් කරුවන් වෙන්නේ.ඒකට පෙදුජන පෙරමුණ, සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඇතුලු සියලු දෙනා එකට එකතු කර ගැනීමට කටයුතු කරනවා.

මේ රට ඉදිරි ගමනක් යනවා දකින්න කැමැත්තෙන් හිටිය සියලුදෙනා එකට ගොනුකරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එළැඹෙන මැතිවරණයේදී ජන්ද ලක්ෂ සීයක් ලබා ගනිමින් ජයග්‍රහනය කරවීමටයි මේ සියලු කටයුතු සිදුවන්නේ.දැන් මේ රටේ දියුණුවේ අඩි තාලාම දාලා අවසන්. ඊට අවශ්‍ය සහය දෙන්න අපි සියලුදෙනා එක් වියයුතුයි. අද වැට් ගහලා ෆ්ලැට් වෙලා කියලා උද්ඝෝෂණ කරනවා.ඒත් උද්ඝෝෂණ කරන්න දන්නේ නැත්නම් ඒක, අර කපා කපා කෑලි කපා කියලා ඇවිත් කදුළු ගෑස් ගැහුවාම දුවන දරුවන් ටිකගෙන් වත් ඉගෙන ගතුයුතුයි.

අද උද්ඝෝෂණයක් කරන්න පුළුවන් මනුස්සයෙක් නැහැ. අද බයේ කකුල් දෙක ගැහි ගැහී ඉස්සරහට යන්න හයියක් නැති පිරිස බොරුවට තමන්ගේ දේශාපලන හයිය පෙන්වන්න හදනවා.රට භාරගන්න කිව්වාම ඒකට කොන්ද පණ නැතිව, මෙහෙම වැටිච්ච රටක් භාරගෙන ගොඩ ගන්නේ කොහොමද කියලා කියපු කියිය නායකලා අරාජිකත්වයෙන් මේ රට දියුණු වෙනවා දකින කොට පිරටවල් වල මාධ්‍ය ආයතන එක්ක කරන වැඩ පිළිවෙල ගැන රටේම ජනතාවගේ අවධානය යොමු කළයුතු වෙනවා.අද ව්‍යාපරිකයින් කියනවා ව්‍යාපාර යම් ආකාරයකින් හිස ඔසවමින් තිබෙනවා කියලා.ඒ වගේම වැඩ කරන ජනතාව කියනවා දැන් යම් ආකාරයකින් වැඩකරගන්න හැකියාව ලැබිලා කියලා.අද වෘත්තිකයින්ට තමන්ගේ වෘත්තීන් වල නිතරවෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.ඉතින් මේ කිසිවෙකුට නැවත වතාවක්, විදුලිය, ඉන්ධන, නැති කාලයක් ඇතිවනවාට කැමති නැහැ.

ඒ වගේම ව්‍යාපාරිකයින් විශාල පොලී මුදල් ගෙවන්න කැමති නැහැ.හැම මනුස්සයෙකුමට අවශ්‍ය වෙන්නේ මේ රට අඩියකින් හරි ඉදිරියට ගෙනියන්නයි.මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණයි කියන කාරණය හැමෝම දන්නවා.එහෙනම් රනිල් වික්‍රමසිංහ මහතාට යන්න කියන්නේ, අපි ආවාමට අරවා මේවා කරනවා කියන්නේ දේශපාලන අවශ්‍යතාව තියෙන කුහක කමින් පිරුණු දැනටමත් කෝට් මහගෙන ඉන්න අයයි.රටේ මිනිස්සු නැවත වතාවක් වල පල්ලට දාලා හරි තමන්ට බලය ගන්නයි මේ පිරිසට අවශ්‍ය කරලා තියෙන්නේ.

එදා තෙල් පෝලිම් වල මැරුණු, ගෑස් නැතිව පෝලිම් වලට හිටිය, රෝහල් වල බෙහෙත් නැතිව හිටිය මිනිස්සු ගැන හිතුවා නම් ඔය මෝඩ පුතානේලට, කයිය නායකලාට මේ රට භාරගනෙ වෙනස් කරන්න තිබුනානේ.නමුත් තමන්ට බැරි බව ඔවුන් පෙන්නලා මේ රට දියුණු කරන්න පුලුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණක් බවට පෙන්නුව මෝඩ පුතානෝටයි, කයිය නායකලාටයි අපි ස්තූතිවන්ත වෙනවා.රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාරගන්නේ නැතිව, කයිය නායකලා හෝ පුතානෝ මේ රට භාරගත්තා නම් අද වෙනකොට රට කොයි තැනක තිබෙයිද කියලා හිතන්න පුළුවන්ද?

එහෙනම් පාර්ලිමේන්තුවට ගහන්න සැරසිලා හිටිය පිරිස එය දිගටම සිදුකරලා රට අරාජික වෙලා තියෙයි. එහෙනම් පිට රටකින් සාම සාධක හමුදා ඇවිත් තියෙන්නත් පුළුවන්.

මේවා තමයි තානාපති කාර්යාල හරහා තිබුණ සැලසුම්.

ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති පුටුව දෙන්න හදනකොට තානාපති කාර්යාල වල ඇතුලේ ඉදලා රනිල්ට හැර වෙන ඕන කෙනෙකුට දෙන්න කියලා සඳහන් කරලා තිබුනේ.අපිට ආදරය පෙන්වන සමහර රටවල් තමයි හන්දි ගානේ වේදිකා හදලා අනුරාධපුරයෙන් තංගල්ලට සෙනඟ රැගෙන යන්න සල්ලි දුන්නේ.බස් එක හැප්පුන නිසා ඒ වැඩ් අහුවුනා. නැත්තම් කැට එකතු කරලා ඔය තරම් සල්ල හොයන්න පුළුවන්ද?

ඒ අයගේ වේදිකාවල සයිස් එක කොහොමද?රැලියකට එච්චර සල්ලි කොහොන්ද?ඔය මුදල් එන්නේ තානාපති කාර්යාල හරහායි.ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාව පරාජය කිරීමටයි.රනිල් වික්‍රමසිංහ මහතාව පරාජය කළා කියන්නේ මේ රට පරාජය කළා කියන එකයි.මේ රට නැගිටිනවා දකින්න අකමැති මිනිස්සු තමයි ජවිපෙටත්, පුතානෝටත් සල්ලි වියදම් කරලා, ඒ වගේම සමහර මාධ්‍ය ආයතන වලටත් සල්ලි වියදම් කරලා මේ වැඩ කරමින් යන්නේ.මේක රට බේරගන්න වෙලාව නෙමෙයි මේක ජනතාව බේරගන්න තියෙන අවසන් අවස්ථාවයි.මේ රටේ ජනතාව බේරගන්න හැකියාව ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා විදිහට හිටියොත් විතරයි.ජයග්‍රාහී ශ්‍රී ලංකාවක් කරා යන්න හැකියාව ලැබෙන අවසාන අවස්ථාව මෙයයි.

ඒ සඳහා සියලුදෙනාට අත්වැල් බැදගන්න කියලා මම ආරාධනා කරනවා.”

ලෙස අමත්‍යවරයා කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan