සෙල්ලම් කරන්න දෙන්නෑ මේ සැරේ… බලමු ! – හාල් ගැන අහද්දී ඩඩ්ලි සැරවෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වී මිලදී ගැනීමට සිදුව ඇත්තේ රජයෙන් සහල් සඳහා පනවා ඇති පාලන මිලට සාපේක්ෂව බවත් වී මිල වැඩිකිරීමට නම් සහල් පාලන මිලත් වැඩි කළ යුතු බවත් මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

“හාල් ඉතින් ප්‍රශ්නයක් කරගත්තට මට කරන්න දෙයක් නෑනෙ. ඒක මගෙන් අහන්නෙ ප්‍රශ්නයක් කරපු අයගෙන් ඇහුවා නම් හරිනෙ”

ප්‍රශ්නය – ඔබතුමාලා අඩුවට වී ගන්නවා, ගොවියාට නිසි මිලක් ලැබෙන්නෙ නෑ කියනවා ?

“නිසි මිල ඉතින් රජයෙන් පාලන මිලක් දාලා තියෙනවා, ඒකට යටත්ව ගන්න වෙලා තියෙනවා. එහෙම නම් පාලන මිල වෙනස් කරලා, ඒ අදාළ පාර්ශ්වයන් ගෙන්නලා ඒ පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුවක් තීරණයක් ගන්න ඕනෙ වගකිවයුත්තෝ වශයෙන්. මේක මගෙ ඇඟට දාන්න එන්න එපා. සෙල්ලම් කරන්න දෙන්නෑ මේ සැරේ. බලමු !”

ප්‍රශ්නය – ජනතාව කියන්නෙ ඔබතුමන්ලා හූරං කනවා කියලානෙ ?

“ඇයි ගණං හදන්න දන්නැති අයද මේකෙ ඉන්නෙ ? කුඹුරු වැඩ කරන්න යන මිල හදලා ඒකට ලාබයක් හදන්න ඒක මහ දෙයක්ද ? ඒ ගණං හදාගන්න බැරි නම් කොහොමද ගණං හදන්නෙ ?”

ප්‍රශ්නය – ඉතින් ඔබතුමාලාත් සහභාගී වුණානෙ පාලන මිල දාන්න එදා ජනාධිපතිතුමාත් එක්ක රැස්වීමට ?

“නෑ ඉතින් සමාජ සාධාරණත්වයත් එක්ක වැඩ කරන්න එපායැ. මොකද මේ මෙච්චර කට්ටිය ඉද්දී මාව අල්ලගෙන් දඟළන්නෙ ? ඇති ඇති දැන් ඇති. කියන්න ඕනෙ ටික කිව්වා”

ප්‍රශ්නය – හාල් ප්‍රශ්නය ඉවර නෑනෙ, අපි හිතුවෙ ඔබතුමාලා මේක විසඳලා දෙයි කියලානෙ ?

“හාල් ප්‍රශ්නය ඉවර කරන්න පුළුවන් ගොවියන්ගෙ ප්‍රශ්නය ඉවර කළොත්. නැත්නම් ඉවර කරන්න බෑ. එච්චරයි. ගොවියන්ගෙ ප්‍රශ්නය වී මිල. සහතික මිලක් දෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම. ඒක දෙන්නෙ නැත්තෙ ඇයි කියලා දෙන්නෙ නැති අයගෙන් අහන්න”

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 03) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...