ශ්‍රී ලංකාවට වැඩ ගොඩක් මඟ හැරුණු, 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ නම් කළ ලෝක කණ්ඩායමට චමෝදි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 04,(LNW)කොළඹ :

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසානයේ අයිසීසී ය විසින් එම තරගාවලිය ඇසුරෙන් ලෝක කණ්ඩායමක් නිර්මාණය කර තිබෙනවා.දකුණු අප්‍රිකානු නායිකා කෙයිලා රේනෙකේ නායකත්වය දරන මෙම කණ්ඩායමට ඉන්දියානු ක්‍රීඩිකාවන් හතර දෙනෙකුම එක් කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් චමෝදි ප්‍රබෝධා එක් කර තිබෙනවා.

එක් තරගයක් අඩුවෙන් සහ අවසාන පූර්ව තරග සහ අවසන් තරග ක්‍රීඩා නොකළ චමෝදා ක්‍රීඩා කරන ලද තරග හතර තුළ කඩුලු 9 ක් ලකුණු 57 ක් දී ලබා ගත්තේ පන්දු ඕවර් 15 ක් යවමින්.ඇයට ස්කොට්ලන්ත තරගයට ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබුණේනම් මේ කඩුලු ප්‍රමාණය තවත් ඉහළ යන්නට තිබුණ අතර විශේෂයෙන් අවසාන තරගය පහසුවෙන් ඉන්දියාව ජය ගන්නා දුටු විට හැඟුණේ වර්ෂාව හරස් නොවන්නට අවසාන තරගයේ දී ඉන්දියාවේ ප්‍රතිවාදි කණ්ඩායම වන්නට ශ්‍රී ලංකාවට අවශ්‍යය තරම් සුදුසුකම් තිබුණු බවයි.සමහරවිට මනුදි නානායක්කාර නායිකාව වන්නට ද තිබුණා.

මේ තරගාවලියේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ සියළුම පිතිකාරියන් පන්දුවට පහර දීම සඳහා පිටියට කැඳවන්නට හැකි වූ එකම කණ්ඩායම වූයේ ශ්‍රී ලංකාවයි.සැබවින්ම තරගාවලියේ සහ අවසන් තරගයේ වීරවරිය වීමට අවශ්‍යය සියලු සුදුසුකම් සැපිරූ ගොන්ගාඩි ට්‍රීෂා මේ තරගයේදීත් ලකුණු 49 ක් රැස් කරන්නට සමත් වූවාය.ඒ හැරෙන්නට ඉන්දියාවේ ලකුණු යන්ත්‍ර සියල්ල අක්‍රීය කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉන්දියානු කඩුලු 9 ක් ම පන්දු ඕවර් 20 තුළ ලකුණු 118 ට සීමා කළේය.

සහභාගි වූ මුල් තරග දෙකේදී වාර්තාගත ඉණිම් තරගාවලියට එකතු කළ ශ්‍රී ලංකා පිතිකාරිණියන් ඉන්දීය පෞරුෂය ඉදිරියේ අනවශ්‍ය සසලවීමක් සහ කලබළවීමක් නොපෙන්වා ක්‍රීඩා කළේනම් එය ජයගත යුතුව තිබිණ.එහිදී ඉන්දියාව ඉතාම සැළසුම් සහගත ලෙස ක්‍රීඩිකාවගෙන් ක්‍රීඩිකාවට අධ්‍යයනය කර ශ්‍රී ලංකා පිතිකාරිණියන් සිය සැළසුම් තුළ සිර කර ගන්නට සමත් වූ අතර එහිදී ඒ තත්ත්වය පාලනය කර ගැනීමට තරම් පොහොසත් සංයමයක් සහිත මානසික ඒකාග්‍රතාවයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නොපෙන්වූහ.ඒ වරද සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම භාරගත යුතුය.එහෙත් ස්කොට්ලන්ත තරගයට ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්නට ලැබුණානම් අවසාන තරගයේදී එම වැරදි නිවැරදි කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබුණු බව විශ්වාස කළ හැකිය.

එවැනි තත්ත්වයක වුව චමෝදි ප්‍රබෝධා ලෝක කණ්ඩායමට තේරී ඇත.එය රටටම සතුටු විය හැකි ගෞරවය ඇති කරන තත්ත්වයක්ය.එමෙන්ම ඉන්දියාවට ලෝක කුසලානය හිමිවීමට අවශ්‍යය සියලු සුදුසුකම් තිබිණ.එහි විවාදයක් නැත.එහෙත් ඔවුන් සමඟ අවසාන තරගයට එන්නට ශ්‍රී ලංකාවටද සියලු සුදුසුකම් තිබිණ.එයද බැහැර කළ නොහැකි තර්කයකි.චමෝදි ට මෙන්ම එම තර්කය ගොඩ නැඟීමට දායක වූ සියළුම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්,ජාතික තලය දක්වා ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ තිබුණු සැළසුම් සහගත වැඩ පිළිවෙල තව දුරටත් ශක්තිමත් කළ යුතුය.කාන්තා ක්‍රිකට් යනු හ්‍රී ලංකාවට ලොව ජයගත හැකි මට්ටමේ පවතින ක්‍රීඩාවක් වන අතර ඒ අතරින් අවුරුදු 19 න් පහළ එළැඹෙන ලෝක කුසලානය පහසු එකක් කර ගන්නට අපහසු නැත.එළැඹෙන තරගාවලියේදීත් මේ කණ්ඩායමේ සිටි දක්ෂයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සුදුසු වයසේම වෙති.චමෝදි වැන්නියකට එම අවස්ථාව අඩුම තරමේ තව දෙවතාවක්වත් හිමිවනු ඇත.ඒ අනුව බලන කළ ශ්‍රී ලංකාව මේ තරගාවලියේ පස්වන තැන සිටින කණ්ඩායම පමණක් නොවේය.මතු බලාපොරොත්තු සපිරි කණ්ඩායම ද වන්නේය.

චමෝදිට සම ලෙස ලෝකය සමඟ එකට පෙළ ගැසෙන්නට හැකි වීම ගැන සුබ පතන අතරේම ඇය සමඟ ලෝක කණ්ඩායමට තෝරා ගැණුන සමස්ත කණ්ඩායම පහත දක්වා ඇත.
ගොන්ගඩි ත්‍රිෂා (ඉන්දියාව)

ජෙමා බෝතා (දකුණු අප්‍රිකාව)
ඩවිනා පෙරින් (එංගලන්තය)

කමලිනී ගුණලන් (ඉන්දියාව)

කාඕයිම්හේ බ්‍රේ (ඕස්ට්‍රේලියාව)

පූජා මහතෝ (නේපාලය)

කයිලා රෙයිනෙකේ (නායිකාව) (දකුණු අප්‍රිකාව)

කේටි ජෝන්ස් (wk) (එංගලන්තය)

ආයුෂි ශුක්ලා (ඉන්දියාව)

චමෝදි ප්‍රබෝදා (ශ්‍රී ලංකාව)

වෛෂ්ණවි ෂර්මා (ඉන්දියාව)

එන්තබිසෙන්ග් නිනි (දකුණු අප්‍රිකාව)

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය