තර්ජණි නමින් නම් කළ කිලිනොච්චි ක්‍රීඩා සංකීරණය සුගත්ගේ නිරීක්ෂණයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 04,(LNW)කොළඹ :

තර්ජණි සිවලිංගම්ව කැඳවා,2017 විවෘත කරන්න යෙදුණ කිලිනොච්චිය ක්‍රීඩා සංකීරණයේ ගෘහස්ත ක්‍රීඩාංගණය,ව්‍යායාම මධ්‍යස්ථානය මෙන්ම පිහිණුම් තටාගය ද ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ නිරීක්ෂණයට ලක් විය.මතක හැටියට එම ක්‍රීඩා සංකීරණය නම් කරන්න යෙදුණේ ද ඇය නමින්ය.එහිදී එම ස්ථානයේ නඩත්තුව පිළිබඳව ඇත්ත තත්ත්වය ගැන වචනයක්වත් අප සටහන් නොකර,සුගත්ගේ නිරීක්ෂණ චාරිකාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය නිකුත් කළ ඡායාරූප පමණක් මෙහි දක්වමු.

සමහර විට මෙය ඉදිරියේදි පවත්වාගෙන යායුතු අයුරු කෙසේද සහ සිඳු විය යුතු දේ කවරේද යන්න මේ තරම් අපූරුවට එම ක්‍රීඩාංගණ පහසුකම් නඩත්තු කළ සහ පරිපාලනය කළ නිලධාරි ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාට අදහස් දක්වන්න ද ඇතැයි අපි සිතමු.

මෙම ක්‍රීඩා සංකීරණය රටේ ක්‍රීඩාවට වැදගත් මෙහෙවරක් කළ හැකි තැනකි.එය ආරම්භ කරන්න ඇත්තේ ද එබැවිනි.සුගත් තිලකරත්නට වුව මෙය නිරීක්ෂණය කර පරික්ෂා කර රජය මැදිහත්ව නැවත යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් පෙරමුණ ගත හැකිය.එහෙත් ඔහුට දිනපතා හෝ සතිපතා හෝ මෙහි නඩත්තුව පරික්ෂාවට ඒමට නොහැකිය.මේ දකින්නේ මෙවැනි ඉදිකිරීම්වල තත්ත්වයේ අර්බූදයටත් වඩා ක්‍රීඩාව වෙනුවෙන් ඒවා කළමණාකරණය කරන අය ඒවා කෙරෙහි දක්වන සැළකිල්ලේ දිග පළලය.

මේ සමඟ තර්ජණී කැඳවා විවෘත කරන ලද ක්‍රීඩා සංකීරණය සහ සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ එහි වත්මන් තත්ත්වය දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...