USAID ව්‍යාපෘති සහ ප්‍රදාන පිළිබඳව නාමල් රජයෙන් කළ ඉල්ලීම!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ (LNW):

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරුවා ඇති ආකාරය පිළිබඳව රජය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ සඳහන් කරන්නේ, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) හරහා අරමුදල් ලබාගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් පාර්ශව සම්බන්ධයෙන් රජය විසින් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළයුතු බවයි.

පහතින් දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ට්විටර් පණිවිඩයයි.

‘ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ USAID ආයතනය, බටහිර මාධ්‍ය සමඟ මතභේදාත්මක කේන්ද්‍රස්ථානයකට පැමිණ ඇති අතර, මානුෂීය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල අවුල් සහගත හා අස්ථාවරත්වයක් ඇති කිරීමට යොදාගත් බවට චෝදනා කරයි.

ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක අරමුදල් සහ ප්‍රදාන ලැබිණි. රාජ්‍ය නොවන සංවිධාන 100 කට අධික සංඛ්‍යාවක් මෙම අරමුදල් සෘජුවම ලබාගත් අතර දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් යන සියල්ලන්ම USAID ආයතනයෙන් ප්‍රතිලාභ ලබාගත්හ.

ඔවුන් තම ප්‍රදාන සහ ආධාර හරහා බොහෝ අංශවලට විවිධාංගීකරණය වී ඇත. එහෙත් මෙම අරමුදල් භාවිතා කළ ආකාරය පිළිබඳ පැහැදිලි වාර්තා නොමැත.

USAID යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සහ ප්‍රදාන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි. ඒවායින් ප්‍රතිලාභ ලැබූ මෙම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුය.

රාජ්‍ය නොවන සංවිධාන සඳහා අරමුදල් සැපයීම සඳහා වන රෙගුලාසි වසර ගණනාවක් තිස්සේ යෝජනාවී තිබුණත් ඒවා තවමත් ක්‍රියාත්මක කර නොමැත. විනිවිදභාවය පවත්වාගැනීම සඳහා මෙම රෙගුලාසි ගෙන එන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි.’

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...

Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...

LAUGFS Power, Futurity සමඟ අත්වැල් බැඳගනිමින් ප්‍රථම වරට AI-සක්‍රීය වාර්ෂික වාර්තාවක් එළිදක්වයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : විවිධාංගීකරණය වූ LAUGFS...