Home විදෙස් බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

0
4

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(03)දිනයේදී ඊසාන දිග බ්‍රස්ලයේ ඇලගෝස් ප්‍රාන්තයේ පුද්ගලයන් 60 දෙනෙකු සමඟ ගමන්ගත් බස්රථයක් පෙරලියාම හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය අය අතර කාන්තාවන් හත් දෙනෙකු, පිරිමින් පස් දෙනෙකු සහ ළමුන් හතර දෙනෙකු සිටින බව ඇලගෝස් ප්‍රාදේශීය රජය නිවේදනය කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතියි.

බ්‍රසීලයේ මාරාන්තික මාර්ග අනතුරු බහුලව දක්නට ලැබෙන අතර අනතුරට ලක්වූ බස් රථය සෑම පෙබරවාරි 2 වන දින දහස් ගණනක් බැතිමතුන් ආකර්ෂණය කර ගන්නා සියරා ප්‍රාන්තයේ කැන්ඩලේරියා ස්වාමිදූගේ සැමරුම් උත්සවයකට සහභාගී වී බස් රථය ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.