සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව වෙත ආක්‍රමණශීලීව ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන ප්‍රකාශක කපිතාන් ටිම් හෝකින්ස් ප්‍රකාශ කර තිබේ.
මේ සමබන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කරමින් එක්සත් ජනපද මධ්‍යම අණදෙන ප්‍රකාශක කපිතාන් ටිම් හෝකින්ස් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවෙන් ගුවන් ගත වූ F-35C රහසිගත ප්‍රහාරක ජෙට් යානයක් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීම හා ආත්මාරක්ෂාව වෙනුවෙන් ඩ්‍රෝන යානයට වෙඩි තැබූ බවයි.
පසුගය වසරේ දෙසැම්බර් මස 28 වන දින ඉරානයේ මුදල් ඒකකය ඉහල යාමත්, රාජාණ්ඩුවට එරෙහිව සිදු වූ උද්ගෝෂණ දැඩි ලෙස මර්දනය කිරීම මෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීම සඳහා ගිවිසුමක් සාකච්ඡා නොකළහොත් එයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා ගණනාවකදී තර්ජනය කර තිබු අතර වොෂින්ටනය සහ ටෙහෙරානය අතර මතභේද ඉහළ මට්ටමක පවතින බැවින්, එක්සත් ජනපදය කලාපයේ හමුදා පැවැත්මක් ගොඩනඟමින් සිටින අතරතුර මෙය සිදුව ඇත.

