සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW :

බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ නව වැඩපිළිවෙළ පිලිබඳව අදහස් දක්වා සිටී.


ඒ අනුව, සූර්ය බලශක්තියෙන් ලබා ගන්නා විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට ආණ්ඩුව සූදානම් බව පවසයි.

මෙමගින් සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් ලබාගැනීම සම්බන්ධයෙන් තිබූ ප්‍රධානතම බාධාවක් මග හැරී යන බව, එම අමාත්‍යංශය කියා සිටියේය.

බලශක්ති අමාත්‍යංශය පැවසුවේ, ඒ අනුව එම විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාළව ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බලා ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි. මෙහිදී රටපුරා විදුලි උපපොළවල් 16ක් ආශ්‍රිතව මෙගාවොට් 10, මෙගාවොට් පැය 40 බැගින් වන ස්වාධීන බැටරි බලශක්ති ගබඩා කරන පද්ධති ස්ථාපනය කරනු ඇත.

ඒ සදහා රජය විසින් දියත් කළ වැඩපිළිවෙලට අනුව පසුගිය වසරේ ටෙන්ඩර් පත් කැදවනු ලැබූ අතර, එහිදී ග්‍රිඩ් උපපොළවල් 16ක් සදහා ටෙන්ඩර් 153ක් වැනි විශාල ප්‍රමාණයක් ලැබී තිබු බවයි බලශක්ති අමාත්‍යංශය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...