ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වී අත්දැකීම් සහිත නායකයෙක් වන අතර ඔහු සම්බන්ධයෙන් වෙනත් සහතික අවශ්‍ය නැති බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ඒ අනුව ඔහු ඉදිරියේදී ජනතාව වෙනුවෙන් රට නිවැරදි මාර්ගයේ ගෙනයාමට කටයුතු කරනු ඇති බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
”ඒ වගේම සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට තරග කර අත්දැකීම් තිබෙන නායකයෙක්. ඔහු සම්බන්ධයෙන් වෙන කිසිවෙකු සහතික ලබාදිය යුතු නැහැ. එම සහතිකය ලබා දිය යුත්තෙ ජනතාවයි. ඔහු සිදුකරන වැඩ කොටස පිළිබඳව සහ ඔහුගේ දැක්ම ජනතාව පිළිගන්නවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස හොරුත් සමඟ වැඩකරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා ජනතාව වෙනුවෙන් අනාගතයේදී හිටගෙන රට නිවැරදි මාර්ගයට ගෙනයන්න කටයුතු කරනු ලබනවා. එම සහතිකය ජනතාවයි ලබාදෙන්නේ. ඒ වගේම ඊළඟ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට බලය ලැබෙන බව විශ්වාසයි.
ඒ වගේම සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යම් ආකාරයක ස්ථාවරයක සිටිනවා. එය බිම්මට්ටමේ ජනතාවගේත් අපෙක්ෂාවක්. සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට වැඩ කිරිම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තින්දුවක් ගෙන තිබෙනවා. පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරි මණ්ඩල දෙකම එය අනුමත කර තිබෙනවා. පක්ෂ දෙක ඉදිරියට වැඩ කරන්නේ කෙසේදැයි සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ සියලුම සාකච්ඡා සාර්ථකයි. සමගි ජනබලවේගය වෙනුවෙන් එම සාකච්ඡා මෙහෙයවන්නේ සජිත් ප්‍රේමදාස මහතායා. ඒ වගේම ආණ්ඩුව පරාජය කරන්න සියලුම කණ්ඩායම් එකතු කරන්නත් කටයුතු කරනවා. සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනාගතයේදී එකට වැඩ කරනවා. ඒ වගේම විරුද්ධ පක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවල සහාය ලබාගන්නත් කටයුතු කරනු ලබනවා. විරුද්ධ පක්ෂයේ සියලුම පක්ෂ එකතුවීමෙන් ආණ්ඩුව තැති ගැනීමට ලක්වෙනවා. අනෙකුත් දේශාපලන පක්ෂවල එකමුතුවක් ඇතිවුණොත් ආණ්ඩුව දැඩි අසීරුතාවයකට පත් වෙනවා. ඒ වගේම විපක්ෂයේ සියලුම කණ්ඩායම් එකතු වී මැයි දිනය පැවැත්විම ගැන යෝජනාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන්න කටයුතු කරනු ලබනවා” යනුවෙන් තිස්ස අත්තනායක මහතා තවදුරටත් පවසයි.


