Saturday, June 3, 2023
spot_img

Latest Posts

සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද ලක්ෂ 27න් 10ක්ම අපේ. සජබට දිනන්න බෑ – චම්පික

පසුගිය මහමැතිවරණයේ ප්‍රතිඵලය සලකා බැලීමේදී සමගි ජන බලවේගයට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත් එම මැතිවරණයෙන් සජබට ලැබුණු ඡන්ද ලක්ෂ 27න් ලක්ෂ 10ක්ම තමන් ඇතුළු එම සන්ධානයට පිටින් එකතු වූ වෙනත් පක්ෂවල ඡන්ද බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

“අපි මතක තියාගන්න ඕනේ මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මිනිස්සු ටික සංවිධානය කරගැනීමෙන් පමණක් රටේ ආණ්ඩු පෙරළන්න ජනතාව ඒකරාශී කිරීමක් වෙන්නෙ නෑ. මොකද එක්සත් ජාතික පක්ෂය කියන ඒ කණ්ඩායමට හෝ ඒ පිරිසට ලබාදීලා තියෙන ඡන්දය වගේ කීප ගුණයක ඡන්දයක් ඊට විරුද්ධව දීලා තියෙනවා.

දැන් උදාහරණයක් හැටියට පහුගිය මහමැතිවරණය ගත්තාම ඒ මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට ලක්ෂ විසිහත හමාරකුත් එක්සත් ජාතික පක්ෂයට ලක්ෂ දෙකහමාරකුත් හැටියට ලක්ෂ 30ක් හම්බවුණා. ඕකෙන් ලක්ෂ 10ක්ම වෙනත් පක්ෂවල ඡන්ද. ඒ කියන්නෙ ඒ අයට ලැබුණු ඡන්ද නෙවෙයි. දැන් අපි තරග කළා, වෙල්ගම මහත්තයා තරග කළා, රවුෆ් හකීම් මහත්තයා තරග කළා, මනෝ ගනේෂන්, දිගම්බරන්, රාධා ක්‍රිෂ්ණන්, රිෂාඩ් බදූර්දීන්, මෙහෙම ලක්ෂ 10ක් විතර ඡන්ද තියෙනවා එතන. ආසන 58න් 18ක් ම තියෙන්නෙ ඒ විදියට. එතකොට ඉතුරු ඡන්ද ටික තමයි මේ ප්‍රමාණය. ලක්ෂ 30න් ලක්ෂ 20 යි. එතකොට මේ ලක්ෂ 20න් පුළුවන්ද ජනාධිපතිවරණයක් ජයගන්න ? ඊළඟ ජනාධිපතිවරණයේදී ලක්ෂ 180ක් ඡන්ද දායකයො ඉන්නවා. ඡන්දය ජයගන්න අඩුම ගාණෙ ලක්ෂ 80කට ආසන්න ඡන්ද ගාණක් ගන්න වෙනවා”

චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවේ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

පසුගිය මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදුණු චම්පික රණවක මහතා මනාප ලැයිස්තුවෙහි සිටියේ අන්තිමයාට පමණක් ඉහළින් වන අතර ඒ මහතා ලබාගත් මනාප සංඛ්‍යාව 65,574 කි. ඒ අනුව චම්පික රණවක මහතා ජනාධිපතිවරණයක් ගැන කල්පනා කරන්නේ නම් ඔහු තවත් ඡන්ද හැත්තෑ නව ලක්ෂ තිස් පන්දහසක් සොයාගත යුතුව ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.