සුරංග ලක්මාල් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙන්න තීරණය කරලා.ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවීකය ඇරඹෙන්නෙ 2009 දි.ඒ ඉන්දියාවට එරෙහිව එක්දින වරම් ලබමින්.සුරංග ලක්මාල් ටෙස්ට් ක්‍රීඩකයෙක් හැටියට භෞතීස්ම වෙන්නෙ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින්.
ඔහුට තියෙන්නෙ මහා දස්කම් පිළිබඳ ඉතිහාස කතාවක් නෙවෙයි.ඒත් කණ්ඩායමට අවශ්‍යය දේ දෙන්න සම්ත වූ ක්‍රීඩකයෙක්ගෙ මතකයක්.ඔහු ඉපදුණේ දෙබරවැව.පාසල් ගියෙත් දෙබරවැව.ඒත් ක්‍රිකට් ජීවිතය වෙනස් කරනවා.සුරංග ක්‍රිකට් සුළඟ දිගේ ගාල්ලට ඇඳෙනවා.ඒ රිච්මන්ඩ් විද්‍යාලයට.
දෙබරවැව ක්‍රිකට් කතාවෙ අංක දෙක තමයි සුරංග ලක්මාල්.එක මහින්දරත්න.ඔහු දෙබරවැවෙන්ම මතු වෙලා ශ්‍රි ලංකා අවුරුදු 15 න් පහළ කණ්ඩායමටත් තේරුණා.ඒත් ඔහුට ජාතික කණ්ඩායමට දෙබරවැවෙන් ගොඩවෙන්න අමාරු වුණා.මේ අමාරුකම දස්කම් හිඟකම නෙමෙයි.දස්කම් බැබලෙන පොළවක් ඔප වැටෙන පුසබිමක් නැති කම.සුරංග එහෙම පොළවක් හොයාගෙන දෙබරවැවෙන් ගාල්ල බස් එකට ගොඩ වීම ලෝකයේ රට රටවල් පුරා ඇවිදලා හමාර කරේ.
මේ කතාවේ පොඩි දුක හිතෙන කතාවකුත් තියෙනවා.සුරංග හොයාගෙන ගමට ගිය ක්‍රිකට් කතාවක් වෙනුවට අන්තිමට කල්පනා කරලා බලනකොට සුරංග ක්‍රිකට් හොයාගෙන ගාලු ආපු,කොළඹ ආපු කතාවක් තමයි පේන්නෙ.මේ තමයි රටේ ඇත්ත.මේක තමයි ලංකාවේ බොහෝ ක්‍රීඩාවල ඇත්ත කතාව.අද තේරීම් කමිටුවේ ඉන්න ප්‍රමෝදය වික්‍රමසිංහත් මාතර ක්‍රිකට් ගහලා කොළඹට ආවෙ නැත්නම් ශ්‍රී ලංකා ගහන්න වෙන එකක් නැහැ.එහෙම වුණානම් ඔහුට ක්‍රිකට් කණ්ඩායමේ හිටිය විහිළුකාරයා,හොඳම ලණු දෙන්නා හැටියට නමක් පට බැදෙන්නෙත් නැහැ.
සුරංග හැබැයි කවදාවත් තේරීම් කමිටුවෙ ඉහළ තනතුරකට යයි ද කියන්න බැහැ.මොකද ඔහු නම්‍යශිලී අඩුයි.පාලකයා කියන කියන විදිහට නැමෙනවට වඩා ඔහු නැමෙන්න කැමති වුණේ ක්‍රිකට් සම්බන්ධයෙන්.ඒ නිසා ඔහුට කණ්ඩායමේ නායකත්වය දීලා ඇත්තටම හොඳටම කරලා තියෙද්දිත් ආපහු ඒක ගන්නවා.කොදෙව් දූපත්වලදි පළමුවරට කොදෙව් කණ්ඩායමක් පරාජයට පත් කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වගේම දකුණු අප්‍රිකාවේදි ඔවුන්ට තරගාවලි පරාජයක් අත් කර දෙන විටත් නායකයා වුණේ සුරංග ලක්මාල්.
එහෙම සුරංග ලක්මාල්ට නායකකම අහිමි වුණාම ළඟින් යන කට කැඩෙක කතාවක්වත් නොකියා ඔහු ක්‍රිකට් ගැහැව්වා.හැබැයි ක්‍රිකට් එක්ක සුරංගට සටනක් තිබුණා.ඒ ක්‍රිකට් නිසාම.මේ හේතුව නිසා වෙන්න ඇති ඔහු කාලයක ඉදලා කණ්ඩායමේ එළියට ආයෙ ඇතුළට අඳින ඉත්තෙක් වෙලා.පල නොකියා පලා බෙදන ජාතියෙ වැඩත් එක්ක සුරංග තොදොල් වෙන්න යාම වෙනුවට එපා වාහෙ එක්ක පෑහෙන්න දඟළනවට වඩා හොඳයි බැස යාම කියලා තීරණය කිරීම තමයි මේ සමුගැනීම හැටියට ප්‍රකාශ වෙන්නෙ.
මීට අවුරුදු පහකට ඉස්සර 2016 – 2017 ලංකාවෙ ක්‍රිකට් සම්මාන උළෙලේ හොඳම පන්දු යවන්නා වෙන සුරංග ලක්මාල්.ගමෙන් ආපු එඩිතර කොල්ලෙක් විදිහට ඒ එඩිය අඩියට බස්සගන්නෙ නැතුව එක එක හැඩයට හැසිරෙන්න නොගිය ලක්මාල් පිටවෙන කොට ඔහුට අත දිගු කරන්න එංගලන්තයේ ඩර්බිෂයර් කණ්ඩායම බැදිලා ඉන්නවා.එංගලන්ත කණ්ඩායමක් ලංකාවෙ වේග පන්දු යවන්නො දිහා එච්චර සැලකිළිමත් වෙනවා අඩුයි.මාලිංග ටෙස්ට් තරගවලින් ඉක්මණින් නැවත්තුවෙ නැත්නම් ඔහුට අනිවාර්යෙන්ම එංගලන්තයෙන් ලොකු ඉල්ලුමක් එන්න තිබුණා.නමුත් එසේ නොවුණ නිසා චමින්ද වාස් පමණයි ප්‍රාන්ත තරගවලට කැඳවීම් ලබා තිබුණෙ.
ක්‍රිකට් කියවීම අපේ අයගෙ වෙනස්.සමහර විට අවුරුදු 34 නිසා ගෙවුණු රෝද වගෙ පෙණුනද දන්නෙත් නැහැ.නමුත් ඩර්බිෂයර් කණ්ඩායමට එහෙම පෙණුනෙ නැහැ.ලංකාව රංගනව දැක්කෙත් එංගලන්තයෙන්.සමහර විට ඊට ඉස්සර දකින්න පුළුවන්කම තිබුණනම් මුරලි,වාස් සහ රංගන ත්‍රිත්වය විසින් හදපු අද වන විටත් ඒ මඟ යන අපූරු විජයග්‍රාහි ගමණකට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එකතු වෙලා තියෙන්න තිබුණා.අඩුවක් වෙන්න තිබුණනම් ඒක මුරලිට සහ සනත්ට.මුරලිගෙ කඩුලු අටසීයෙන් ටිකක් රංගනට එකතු වෙන්නත් සනත්ගෙ තුන් ඉරියව් විශිෂ්ඨත්වයේ කඩුලු ප්‍රමානය අඩු වෙන්නත් තිබුණා.
හැබැයි සුරංග ලක්මාල් කියන්නෙ ඊට වැඩිය වෙනස් විදිහකට ලංකාවෙ ක්‍රිකට් කියවගන්න පුළුවන් චරිතයක්.දෙබරවැවට ක්‍රිකට් එන්නෙ නැති නිසා ඔහුට ක්‍රිකට් තෝරගෙන ගාල්ල රිච්මන්ඩ් එන්න වුණා.ගාල්ලෙ ක්‍රීඩා සමාජ ක්‍රිකට් මදි නිසා කොළඹ ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට එන්න වුණා.එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන ලක්මාල් බොහෝ විට දුන්න වැඩේ හරියට කරන්න මහන්සි ගත්තා.ඒත් ක්‍රිකට්වලට එහෙමම මදි කියලා අපිට හොයලා කියවගන්න දීලා දැන් යන්න තීරණය කරලා.
අපි සුරංගට බායි කියමු.හැබැයි තව බායි කියන්න බොහෝ දේ ඇති බව තේරුම් ගනිමු.ඒ අවස්ථාව අප ලද දවසක ලංකාවේ ක්‍රිකට් ගැන මීට වඩා අඛණ්ඪව රස විඳින්න පුළුවන් පරිච්ඡේද ලියැවෙනු ඇත.
සුරංග!
රටට එපා කියපු දේ ඔබ ඩර්බිෂයර්ට දෙන්න.දැණුම,හැකියාව කියන්නෙ භූමියකට වඩා විශාල දේවල්.
RM