*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

කිමාලි, දැන්වත් උසාවි එන්න – මේ කැත සෙල්ලම දැන්වත් අහවර කරන්න!

අධිකරණයට අපහාස කළ කිමාලි ට පුද්ගලිකව අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියෝග

ශ්‍රී ල​ංකා සංචාරක සංවර්ධන අධිකාරිය හෙවත් SLTDA සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු හට පුද්ගලිකව අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස කොළඹ දිසා අධිකරණය පෙබරවාරි 2 වැනිදා නියෝග කළේය.

දැන් කලෙක පටන් කිමාලි ප්‍රනාන්දු නොහොත් කුප්‍රකට ඩිල්මා ලේලිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු වත්කම් සහ දේපළ ඥාති සංග්‍රහය සඳහා යොදාගනිමින්, තමන්ගේ දේශපාලන බලය හා පවුල් බලය යොදා ගනිමින් පවුල් පෝෂණයේ යෙදී සිටින රංගනයේ අලුත්ම ජවනිකාව මෙයයි.

අධිකරණයක් විසින් කළ නියෝගයක් කඩ කිරීම හෝ නොතකා හැරීම, අධිකරණයට අපහාස කිරීමකි. SLTDA සභාපතිනිය ඇතුළු කණ්ඩායම විසින් දිසා අධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයක් නොතකා ක්‍රියා කිරීම මෙහි ආසන්නතම සිද්ධියයි. මේ සම්බන්ධයෙන් ලංකා නිව්ස් වෙබ් විසින් දීර්ඝ ලිපි පෙළක් පළ කර තිබේ.

මෙම අතුරු තහනම් නියෝගය කඩ කිරීම සම්බන්ධයෙන් පැවති අන්තර් පාර්ශවීය පරීක්ෂණයේදී දිසා අධිකරණය, කිමාලි පාර්ශවය විසින් නැගුණු විරෝධතා සියල්ල ප්‍රතික්ෂේප කළේය. එයින් නොනැවතී කිමාලි ප්‍රනාන්දු, එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනෝමා නන්දනී යන අයට නොතීසි නිකුත් කිරීමේ නියෝගය ද තහවුරු කළේය.

සැබවින්ම කිමාලි ප්‍රනාන්දු මේ අන්දමින් වැඩ වරද්දාගත්තේ ඇගේම උද්ධච්ඡ කම නිසා ය. ඇය නමැති කොට්ටෝරුවා හොට පටලවා ගත්තේ ලංකා රියල්ටි ලෙෂර් (පුද්) සමාගම (Lanka Realty Leisure (Pvt) Ltd-LRL ) සමග ය. යාල සංචාරක කලාපයේ පැවති, අනූ නව අවුරුදු බද්දට මෙම සමාගමට ලබාදී තිබූ ඉඩමක් බලහත්කාරයෙන් ආපසු පවරාගෙන සිය පවුලේ සමීප ඥාතීන්ට පවරා දීමට ඇය අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටියේ අධිකරණය සහ යුක්තිය තඹයකට ද මායිම් නොකරමිනි. අදාළ සමාගම අද පවා එම ඉඩමේ භුක්තියේ සිටින අතරවාරයේ ඇය විසින් ‘අවලංගු කිරීමේ ඔප්පුවක්’ සාදවා සිය සෙල්ලම දිගටම කරගෙන ගොස් තිබිණි. 2 වැනිදා අධිකරණය මෙම ඔප්පුව ඇතුළු ලිපි ලේඛන අනුව දිගින් දිගටම කටයුතු කිරීම ද තහනම් කළේය.

2021 පෙබරවාරි 18 වැනිදා කිමාලිගේ අත්තනෝමතික හැසිරීම් නැවත වරක් අභියෝගයට ලක් කරමින් LRL සමාගම, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගත්තේ යාල සංචාරක කලාපයේ පිහිටා ඇති ඔවුන් බුක්තියේ සිටින ඉඩම තුන්වැනි පාර්ශවයකට පැවරීමට එරෙහිව ය. ඔවුන්ට අතුරු තහනම් නියෝගය දිසා අධිකරණය ලබාදෙන්නේ එය යුක්ති සහගත ඉල්ලීමක් බව සනාථ කරමිනි. එවිට කිමාලි කළේ, එම අතුරු තහනම් නියෝගය ද තඹයකට මායිම් නොකරමින් දිසා අධිකරණයට අපහාස කරමින් දිගින් දිගටම එම කාර්යයේ නිරත වීමයි. අවසානයේ මේ වන විට කිමාලි අධිකරණයට අපහාස කළ බවට කාරණා නීතිය ඉදිරියේ තෘප්ත වී තිබේ. ඒ අනුව කොළඹ දිසා අධිකරණය SLTDA, එහි සභාපතිනිය කිමාලි හට සහ තවත් අධ්‍යක්ෂවරුන්/වරියන් දෙදෙනෙකුට එරෙහිව නොතීසි නිකුත් කර තිබිණි.

මේ නඩු කාර්ය පටිපාටිවල කිසිදු අවස්ථාවක කිමාලි අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැත. එය ඉහළ ධුර දරණ රජයේ ආයතනවල ප්‍රධානීන්ගේ ස්වභාවයයි. අධිකරණ කටයුත්ත සඳහා නීතීඥ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් රජයේ ආයතන උපදෙස් ලබාගත යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුවෙනි. නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලිවම කියා තිබුණේ SLTDA නීති සහාය ලබාගත යුත්තේ SLTDAට අනුබද්ධිත නීතීඥ මණ්ඩලයෙන් බවයි. එවිට උද්ධච්ඡ කිමාලි කළේ, ඒ උපදෙස් ද නොතකා හරිමින්, මහජන මුදල්වලින් ලක්ෂ ගණන් ගෙවා ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා නොහොත් පෞද්ගලික නීතීඥවරයෙකුගේ සහාය සිය නඩු කටයුත්ත සඳහා ලබාගැනීමයි. ඒ පිළිබඳ ව ද අප විසින් මීට පෙර ලිපියකින් සවිස්තරාක්මක ව පෙන්වා දී තිබේ.

කිමාලි ප්‍රනාන්දු සිය පුරුදු සෙල්ලම ම නැවත වරක් කරමින් මෙවර අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තට ද අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැත. මෙවරත් ඇය ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, හරිත් ද මෙල් ඇතුළු කණ්ඩායමකගේ නීති සහාය SLTDA වෙනුවෙන් යොදාගෙන තිබිණි. පෙත්සම්කාර LRL සමාගම වෙනුවෙන් පෙනී සිටියේ නීතීඥ ජුලියන් ප්‍රතීප්ගේ උපදෙස් මත නිෂාන් ප්‍රේමතිරත්න, රවී කරුණාරත්න සහ විකුම් ජයසිංහ යන නීතීඥ කණ්ඩායම ය.

සියලු කරුණු සලකා බැලූ දිසා අධිකරණය 2022 පෙබරවාරි 2 වැනිදා නියෝග කරන්නේ කිමාලි ඇතුළු කණ්ඩායමටම පුද්ගලිකවම අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ය. කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මෙහිදී සියලු චූදිතයන් වෙත අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නැවත නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය. එහිදී ඔහු විශේෂයෙන් අවධාරණය කළ කාරණයක් වූයේ නිල තල හෝ සමාජ තත්වය කුමක් වුවත් කිසිදු අයෙකු නීතියට ඉහළින් නොසිටින බව ය.

අපගේ පුදුමයට කාරණය නම්, කිමාලි ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දිවුරුම් දී ඇති නීතීඥවරියකි. නමුත් මේ වතාවේ නම් ඇය නීතිය මත පාලනය නොහොත් නීතියේ ආධිපත්‍යය යන යෙදුමේ අර්ථය කොළඹ දිසා අධිකරණයෙන්‌ ‌ඉගෙන ගන්නවා ඇත.

ඒ අනුව ඉදිරි නඩු දිනයේදී කිමාලිට තමන් වෙනුවෙන් හෝ SLTDA වෙනුවෙන් නීතීඥවරුන් පමණක් එවා ‌මේ අපවාදයෙන් සහ අපහාසයෙන් බේරෙන්නට බැරි ය. ඇය සිය අහංකාර කම පසෙක තබා මේ අවනඩුවට උත්තර බැඳීමට පෞද්ගලිකව ම කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුය.

අප විසින් නැවත නැවතත් කියා ඇති පරිදි, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අග්‍රස්ථ ආයතනය ලෙස ක්‍රියා කරන SLTDA, ඉතිහාසයේ අන් කවරදාවත් මේ තරම් හෑල්ලු තත්වයකට වැටී නැත. ‌ඒ කිමාලිගේ අනුහසේ තරම ය. කිමාලි ඇතුළු කණ්ඩායමට දැන් කාලය තිබෙන්නේ මාර්තු 16 වැනිදා දක්වා පමණි. මෙම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකාරිය වුවහොත් ඇයට වසර 2 කට නොඅඩු සිර දඬුවමක් ලැබෙනු ඇත.

නිල බලය, ධන බලය, පවුල් බලය සහ අහංකාර බලය පසෙක තබා මාර්තු 16 වැනිදාවත් කිමාලි උසාවි එන්න! ඔබ මේ තාක් කාලයකට සෙල්ලම් කළේ මහජනතාවගේ මුදල් සමග ය. පමා වී හෝ ඔබ LRL සමාගම ට සහ රටට උත්තර බැඳිය යුතුම ය. මේ කැත සෙල්ලම දැන්වත් අහවර කළ යුතුම ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan