*
Friday, November 8, 2024
spot_img

Latest Posts

සිත් සතුටු කළ දෙටු දනෝ

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 04 කොළඹ (LNW) :ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගාවලිය ආරම්භ කරන විට බොහෝ අය තුළ වූයේ සැකයකි.ඒ පරාජය වේ ද යන්නය.තවමත් එක්දින තරග සහ විස්සයි විස්ස අභියෝගාත්මකය.ටෙස්ට් තරගයද තව දින තුනක් පැවත්වීමට නියමිතය.එහෙත් මේ වන විටත් ඇෆ්ගන් කණ්ඩායම සිටින්නේ ලකුණු 212 න් පසුපසට වෙන්නටය.ඒ නිසා බොහෝ විට තරගය දිනනු ඇතැයි සිතිය හැකිය.නැතිනම් පරාජය නොවනු ඇතැයි සිතිය හැකිය.


ක්‍රියාත්මක ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවට මෙවැනි තත්ත්වයක් නිර්මාණය කරන්නට ප්‍රධාන වශයෙන් බලපෑමේ කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයෝ ය.ඒ අතරින් විශේෂයෙන් සඳහන් කළ යුතු දෙදෙනා ඇන්ජලෝ මැතිවිස්,දිනේෂ් චන්දිමාල් ය.ඔවුන් දෙදෙනා එකතු වීමට පෙර ලකුණු 148 දක්වා ශ්‍රී ලංකා ඉණිමේ පුරෝගාමී චරිතය බවට පත් වූ මැතිව්ස්ට සහ චන්දිමාල් ට පසුව සිටින ජ්‍යෙෂ්ඨයා වන දිමුත් කරුණාරත්න ලකුණු 77 ට දැවී ගියේය.


එතැන් සිට මැතිවිස් සහ චන්දිමාල් අතර සිව්වක කඩුල්ලට එකතු කළ අගය ලකුණුවලින් 232 කි.එය ලකුණුවලින්ම මිණිය නොහැකි ශ්‍රී ලංකාකණ්ඩායම වටා කැරකෙමින් තිබූ අවිශ්වාසයේ කළු වළාවන් සියල්ල මඟ හැරි දීප්තිය කැඳවා එන්නට සමත් වූ සබඳතාවයක්ය.චන්දිමාල් ලකුණු 107 ක් රැස් කළ අතර මැතිව්ස් දිනය නිමා කරමින් අවසානයට දැවී යන විට ලකුණු 141 ක් එක් කර තිබිණි.


කෙසේ වුවත් ඒ දීප්තිය ඇතුළත් මැතිව්ස්ගේ ඉණිමේ දී අනවබෝධය මත ධනංජය ද සිල්වා ට සිය නායකත්වය සමඟ ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු නොලබා පිටියෙන් ඉවත් වන්නට විය.ඒ දුවද්දී දැවී යාමට මැතිව්ස් ද හේතු විය.ඒ වගේම ඔහුගේ දැවී යාම හිට් විකට් ය.පිත්ත කඩුල්ලේ වැදීමෙන් සිඳු වූ ඒ දැවීම ජ්‍යෙෂ්ඨයෙකුට නොගැලපෙන්නේය.ඉතාම මේරු ක්‍රීඩා ජීවිතයක් ඇති ඇන්ජලෝ මැතිව්ස් අතින් මෙවැනි අදහාගත නොහැකි නොමේරු වැඩ අනපේක්ෂිතව සිඳුවීම තවමත් මඟ හැරී නැත.දක්ෂතා ඉතා ඉහළින් ඇගයිය යුතු අතර ඒ සම්බන්ධයෙන් වන දුර්වලතා ද ඒ ආකාරයටම සැළකිය යුතුය.
කෙසේ නමුත් අද තෙවන දිනටත් ගෞරවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණේ සිට පන්දුවට පහර දෙන්නට මැතිව්ස්ගේ ඉණිම මෙන්ම චන්දිමාල්ගේ ඉණිම ද දුන්න සහයෝගය අමිලය.එය ඉතා ඉහළින් අගය කළ යුතුය.ඒ තරමටම පන්දු යැවීමෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 198 ට මෙල්ල කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නෝ ද අමතක නොකළ යුතුය.ඒ දැායකත්වය මල්පල ගැන්වීමට කටයුතු කළ පිතිකරුවන් ගැන කතා කරන අතරේ ම එම ලකුණුවල වටිනාකම ඉහළ යන මට්ටමකට පත් කර තිබෙන පන්දු යවන්නන්ගේ හැකියාව ද ඉහළින් අගය කළ යුතුය.


තවමත් මේ එකළොස් දෙනා තෝරා තිබෙන හැටි ගැන ගැටළු ඇත.ඒ අප සිතන හැටියටය.එහෙත් ඒ කණ්ඩායම හොඳින් කර තිබෙන බව පැහැදිළිය.ඒ හොඳ වීම ගැන තේරුම් කමිටුවට හොඳ කීම වගකීමය.ඒ අපේ සිතැඟි අනුව කරක විවේචන ද සමඟය.එසේම ආසියානු කුසලානය පරාජය වී ලෝක කුසලාන තරගාවලියට ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ආසියානු මට්ටමේ දී පෑ දස්කම්වලට වඩා ඉහළ තැනක සිට ක්‍රියා කළේය.අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන් තුන් කොන් තරගාවලිය ජය ගත්තේය.දැන් ඇෆ්ගනිස්තානයට පරාජය වන බවට කැට තියා කියූ ශම්මිගේ ක්‍රිකට් ප්‍රතිපලය තියෙන්නේ හොඳ අතටය.එය දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනු ඇත.අපට වරදින්නේ රටක් හැටියට ද එතැනය.අප තුළ ඇතිවන හැඟීමට අනුව පුද්ගලයෝ හෝ සමූහ වර්ග කර ගැනීමෙන් පසුව,ඒ හැඟීම නරක නම් ඔවුන් කෙතරම් හොඳ කළත් ගුණයක් නොදකිති.එසේම හොඳ ලෙස හැඟීම ස්ථාවර වූ විට ද නරකක් කළත් එය ද නොකියති.


ඒ නිසා මේ දිනවල යළිත් යම් ආකාරයකට අළු ගසා දමමින් නැඟෙන රටේ ක්‍රිකට් හොඳින්ම තියෙන්නට රට ද හොඳින්ම පැවතිය යුතුය.රටේ සමස්ත පුරවැසියන් සිටින්නේ අඩමානයටනම් ක්‍රිකට් ගහන පිරිස ස්ථාවරව සිටිනු ඇතැයි සිතිය හැකි ද?ඒ නියෝජනය ද රටේ පුරවැසියන් අතරින්ය.උපයන කෝටි ගණන විසඳුම කියා සිතන අය මුදල්මය වටිනාකම්වලින් සියල්ල සංතෘප්ත කළ හැකිය සිතන්නෝය.එහෙත් ක්‍රිකට්වලින් පිට ද එය එසේ නොවන බව දැනෙමින්,බොහෝ පිරිස් රට හැර යන්නට මං සොයති.ව්‍යාපාර වැසෙමින් පවති.දෛනික ජීවිතය නඩත්තු කරන්නට අපහසු තැනට පත්ව තිබෙති.අපි ක්‍රිකට් පමණක් සුදට අපේක්ෂා කරමින් වෙනත් දේශපාලන ව්‍යාපාරවල උවමනාවන්ට ගොදුරු වෙමින් සිටිති.ඉද හිට සතුටු වන්නට රටට ජයග්‍රහණයක් ගේන උන්ට හිස් බෝතලයක් වීසි කරන තත්ත්වයට මනස අවුල් කිරීමේ දේශපාලන ව්‍යාපෘතිවල සිටින්නෝ මහජන නියෝජිතයන් ලෙස යළිත් ජනතා බඳු මුදලින් නඩත්තු වෙන්නට ආරක්ෂා වන්නට ඒ වරප්‍රසාද වැඩි කර ගත හැකි චරිත වෙන්නට සිහින මවති.තවත් අය ක්‍රිකට් දේශපාලන යාන්ත්‍රණයේ සුක්කානම ගෙන තමන්ගේ ආයතනවලට රක්ෂණය ගන්නට,ආරක්ෂාව ගන්නට,වාහන විකුණා ගන්නට සැළසුම් සකස් කරමින් සිටිති.අපි ඒ සියල්ලට හසුව සුදෝ සුදු පාටින් ඒවා දැක ප්‍රශස්ති ගායනා වලට පෙළ ගැසෙන්නේ නිදහස් දවසේ නිදහසක් නැහැ කියන කතාව අර්ථවත් කරමින්ය.


අප වෙනස් වන්නට ඕනි අදහස්වලින්ය.නිදහස් වන්නේ එවිටය.නිදහස් දවසේ තරගය තුළ අපේ දෙටු ක්‍රීඩකයෝ පෑ විශිෂ්ඨ ඉණිම්වල ප්‍රතිභාව තව තවත් පෙරට ගෙන යන්නට සියල්ලෝ දක්වන සහයෝගය මත නිදහස් දවසේ සැබෑවටම නිදහසක් නැතත් සැබෑ ජයග්‍රහණයක් ක්‍රිකට් හරහා රටට ළඟා වෙන්නට ඉඩ ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan