සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනයක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): යළිත් වරක් , වාර්ෂික සුරාබදු බලපත්‍ර සඳහා අයකරනු ලබන ගාස්තු සංශෝධනය කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන් වේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පෙබරවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් සිදුකර ඇති බවයි.සුරාබදු ආඥා පනතට අනුව ජනවාරි මස 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු බලපත්‍ර ගාස්තුව සංශෝධනය කිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත.

අදාළ සංශෝධනයන්වලට සුරාබදු බලපත්‍රලාභීන් විරෝධය පළ කිරිමත් සමඟ යළිත් වරක් වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරිමට පියවර ගෙන ඇති බව පැවසේ.

ඒ අනුව දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩුකර ඇති බව වාර්තා වන අතර, නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් පමණක් අයකරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් බව මුදල් අමාත්‍යාංශය කිය සිටී.

පොල් රා බෝතල් කිරිම සඳහා මිලියන 10ක්ව පැවැති වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 15 දක්වා අඩුකර ඇති අතර, තල් රා බොතල්ගත කිරිමේ බලපත්‍ර ගාස්තුව නව සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 05ක් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

විනාකිරි නිෂ්පාදනාගාර ගාස්තුව ලක්ෂ 25 සිට ලක්ෂ 05 දක්වා අඩුකර ඇති අතර එක්වරක් පමණක් අයකරගනු ලබන ගාස්තුව ලක්ෂ 25ක් ලෙස සංශෝධනය කර අති අතර,මහ නගර සභා බල ප්‍රදේශවල මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මිලියන 15ක් ලෙස පැවැති අතර නව සංශෝධනයට අනුව එය ලක්ෂ 10 දක්වා අඩු කර ඇති බව වාර්තා වේ.

නගරසභා බල ප්‍රදේශ සඳහා එක්කෝටි විසි පන්ලක්ෂයක් වූ වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 8 දක්වා අඩුකර ඇති අතර අනෙකුත් ප්‍රදේශවල මත්පැන් සිල්ලරට විකිණීම සඳහා රුපියල් මිලියන 10ක්ව පැවැති බලපත්‍ර ගාස්තුව ලක්ෂ 6 දක්වා අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...