සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි, 04 කොළඹ (LNW): චාමික ගුණසේකරට මංගල ටෙස්ට් තරගයේදී අත් වූ ඉරණමම මංගල ටෙස්ට් තරගයේදී ද විඳින්න වීම කණගාටුවට කරැණකි.පළමු එක්දින තරගය ද එක් පන්දු ඕවරයක් පමණක් යවා සිටියදී ආබාධයකට ගොඳුරු වීමෙන් අහිමි කර ගත් චාමික,පළමු ටෙස්ට් තරගයේදී ද සිය මංගල ටෙස්ට් ඉණිමේ පන්දුවට පහර දෙමින් සිටියදී හිසේ පන්දුව (හෙල්මට් එක මත) වැදීමෙන් අනතුරුව රෝහලට ඇතුළත් කරළ අතර මේ වන විට පැය 24 ක පරීක්ෂණ කාලයකට යටත්ව සිටීමට සිඳුවීම නිසා තරගය අහිමි විය.ඒ වෙනුවට තරගය අතරතුර සිදුවන සිඳුවීමකින් කම්පනයට පත් වූ ක්‍රීඩකයෙක් වෙනුවට ආදේශ කිරීමට ඇති අයිතිය ‘concussion replacement) කසුන් රාජිත ට පැවරීමට අයිසීසී නීති අනුව එකඟතාවය පළ වී ඇත.
උදෑසන ශ්‍රී ලංකාව ලබා සිටි යහපත් තත්තවයෙන් වාසි ලබා ගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉණිම ලකුණු 439 දී නිමා කළේය.එයට අද දිනයේ ශ්‍රී ලංකා කන්ඩායම සතුව ඉතිරිව සිටි එකම පිතිකරු බලිපොරොත්තුව සදීර සමරවික්‍රමගේ අසාර්ථකත්වයට චාමික ගුණසේකර ලකුණු 16 ක් ලබා සිටියදී ආබාධයකට ලක් ව පිටියෙන් ඉවත්වීමත් දවසේ ආරම්භයේ වැඩි වාසිය ඇෆ්ගනිස්තාවය දෙසට හරවන්නට මුල් විය.
දෙවන ඉණිමට පිවිසි ඇෆ්ගන් පිතිකරුවෝ තෙවන දිනය වන විට පිටියෙන් පිතිකරුවන්ට ලැබුණු සහයෙන් ඉහළම ප්‍රයෝජන ගෙන ලකුණු අතරට පැමිණීම ඉවසින්ලෙන් සිඳු කළ අතර පළමු කඩුල්ලට පමණක් ඉබ්රාඑීම් ෂාර්දාන් සහ නූර් අලි ෂාර්දාන් ලකුණු 106 ක සබඳකාවයක් ගොඩ නඟන්නට සමත් විය.නූර් අලි ලකුණු 47 ට දැවී ගිය පසු පිටියට පිවිසි පළමු ඉණිමේ ලකුණු 91 ක් ලැබූ රහ්මත් ෂා දිනය නිමා වන විට නොදැවී ලකුණු 46 ක් ලබා සිටියේය.ඔහු සමග ද මේ වන විට නොබිඳි ලකුණු 89 ක සබඳතාවයක් දියක් කරමින් සිටින ආරම්භක පිතිකරු ඉබ්රාහීම් ෂර්දාන් ගේ ඉණිමේ මේ දක්වා දායකත්වය නොදැවී ලකුණු 101 කි.
දැවී ගිය එකම ඇප්ගනිස්තාන කඩුලුල අසිත ප්‍රනාන්දු හිමි කර ගැනීමට සමත් විය.තවත් ලකුණු 42 ක් පමණක් ශ්‍රී ලංකාවට පිටුපසින් සිටින ඇප්ගනිස්තානයට දින දෙකක්ම ඉතිරිව තිබෙන බැවින් තරගයට පෙර ඔවුන් සම්බන්ධයෙන් පළ කළ යහපත් අනාවැකි සැබෑ කරමින් ඉදිරියට යන්න අවස්ථාවක් ඇති බව ද සිතිය හැකිය.හෙට සම්පූර්ණ දිනයම සාර්ථක වන්නට ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට ලකුණු 300 කට වැඩි ඉලක්කයක් අවසාන දිනයේදී ශ්‍රී ලංකාවට ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ විසඳාගත යුතු නොහොත් වහා දවා ගත යුතු අභියෝගයක් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සම්බන්ධයෙන් ඇති වී තිබෙන බව පැහැදිළි කර ගත යුතුය.අප දස්කම් සම්බන්ධයෙන් වර්ණනා කරන අතරේම නැවතත් සඳහන් කළ නිත්‍ය එක් දඟ පන්දු යවන්නෙක් පමණක් ශ්‍රී ලංකාව සතුවීම මේ තරගයේ තීරණයට යම් බලපෑමක් කළ නොහැකිද යන කාරණය ගැන තේරුම් කමිටුව මත බර පැටවෙනු ඇත.