හොරර් සිනමාවේ රැජිණ ජේමි ලී කර්ටිස් ගෙන් ට්‍රම්ප්ට කන පැලෙන උත්තරයක්!

Date:

සටහන – පුලී
පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 Jamie Lee Curtis යනු ඇමරිකානු රංඟනශිල්පිනියක්, නිෂ්පාදකවරියක් සහ ළමා කතුවරියක් ලෙස සමාජයක් හඳුනන චරිතයකි. ත්‍රාසජනක සහ හොරර් සිනමාවේ රංගනයන් සඳහා ප්‍රසිද්ධියට පත් ඇය විටෙක විකට චරිතවලට ද පණ පොවා ඇත.

ඇය පිළිබඳ කතාවක් නැවත මතු කරමින්, ඇය ඇයගේ දියණිය පිළිබඳ තම හඬ අවධිකරනුයේ සමස්ත LGBTQ+ ප්‍රජාව වෙනුවෙනි.

ට්‍රම්ප්ගේ මෑතකාලින කනට ගහන තීරණ හේතුවෙන් ඉදිරියේදී වෙන්න යන විපත්තිය පිළිබඳ ඇය කතා කරන්නේ අද ඇය හඬ අවධි කරනවා මෙන්ම හෙට ඔබද හඬ අවධි කරන්න යන වක්‍රාකාර කියමනකිනි.

“මගේ දියණියගේ ජීවිතයට හානියක් සිදුවිය හැකි බවට ඇය භීතියෙන් පසුවන බව” ඇය වඩ වඩාත් පවසනුයේ ඇයගේ දියණිය තම සමාජභාවී අනන්‍යතාවය වෙනුවෙන් දරන සටන, ලොවක්ම මුහුණ දෙන අභියෝගයක් වන හෙයිනි.

Jamie Lee Curtis පැවසූ ප්‍රකාශය එතරම්ම වැදගත් වන්නේ ඇය තනිවම නොව, ලොව පුරා සිටින LGBTQ+ ප්‍රජාවට මුහුණ දීමට සිදුවන අසාධාරණයන් පිළිබඳ අවධානය යොමු කිරීම සඳහාය.

ඉතිහාසය දෙස හැරී බලා, විනාශයට පත් වූ මිනිස් ජීවිත පිළිබඳ සොයා බැලීමෙන් පාඩම් උගත යුතු බවද ඇය පැහැදීය.

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ නීතිමය සීමාවන් පිළිබඳ විවේචනාත්මක ගැටලු මතුව ඇති සමයක Jamie Lee Curtis ගේ මෙම ප්‍රකාශය ද සැලකිල්ලට ගත යුතුය.

සමාජයේ පවතින සමාජභාවී අනන්‍යතාවයන් විරසක කොට ගැහැණු, පිරිමි පමණක් වෙන් කිරීම, වෙනස් වූ නීති රැසක් ඔස්සේ LGBTQ+ ප්‍රජාවට අභියෝග පැමිණීම පමණක් නොව බොහෝ අයගේ ජීවිත මත මතුපිට බලපෑමක් ද ඇති විය.

මෙය කවුරුන්ටවත් සීමා නොවන අයිතියකි. සමාජයේ අසාධාරණයන්ට විරුද්ධව ඉදිරියට පැමිණීම, අහිංසක මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරීම අප සැමගේ වගකීමකි. Jamie Lee Curtis ගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ අද ඇය නැඟූ හඬ ඇයගේ දියණියට පමණක් නොව, ලොව පුරා සිටින සියලුම LGBTQ+ ප්‍රජාවටම, ආරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ ආරාධනයකි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...