වීරකැටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වීරකැටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (පෙබරවාරි 04) පියවර ගෙන තිබේ.

ඒ, මාතර මාලිම්බඩ පොලීසියේ සේවය කරමින් සිටියදී දිල්ශාන් මදුසංඛ නම් තරුණයකු අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන දින හයක් තිස්සේ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙනි.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දු ජයවික්‍රම , මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් කොස්තාපල් සමන් ජයවර්ධන යන නිලධාරීන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු මෙම නිලධාරීන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණු අතර ඔවුන් හතර දෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය පසුගිය ජනවාරි 27 වනදා නියම කර තිබිණි.

වැඩිදුර නඩු විභාගය සඳහා පෙබරවාරි 27 වනදා නඩුව යළි කැඳවීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...