සමඟි මන්ත්‍රී කබිර්ගෙන් රේගුවට දැඩි චෝදනාවක්!දින හතරෙන් තදබදය විසඳුවේ කොහොමද කියලත් අහයි!

Date:

කොළඹ LNW:දින හතරකින් රේගුවේ තදබදයට විසඳුම් දෙමින් කන්ටේනර් නිදහස් කළේ කෙසේද යන්න සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රශ්න කළේය.

එලෙස කන්ටේනර් තදබදය විසඳීම ගැටළු සහගත බවයි ඔහු පැවසුවේ.

මේ අතර රේගුවේ මාෆියාවක් පවතින බවත් එම මාෆියාව විසින් කන්ටේනර් නිදහස් කිරීම ප්‍රමාද කරමින් පවතී බවත් ඔහු පැවසුවේය.

රේගුවේ සිටින හොඳ නිලධාරීන්ට, කළමනාකරණයට එම කටයුතු නිසිලෙස පවත්වාගෙන යාමට එම මාෆියාව ඉඩ නොදෙන බවද කබීර් හෂීම් මහතා කියාසිටියේය.

”මම අහන්නේ ගිය දවස් හතර තුළ මේ රේගුවෙන් රැපිඩ් ක්ලියරන්ස් යුනිට් එක කියල ප්‍රෝග්‍රෑම් එකක් දාලා කොහොමද ඔක්කොම කන්ටේනර් ටික සුද්ද කළේ. දවස හතරකින් ඔක්කොම සුද්ද කළා. මේ රටට එන නැව් කීයක් එන්නේ නැතුව ගියාද. තිහකට වැඩිය. ඒකට වඩා අපේ කීර්ති නාමය. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මොකද වෙනත් වරායවල් අපිත් එක්ක තරඟ කරනවා. ඒවාට අපේ නැව් ටික අදින්න කරන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. ආණ්ඩුවත් ගිහින් ඒකට උදව් කරනවා. එතකොට මේක කොච්චර බරපතලද කියල හිතන්න.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...