ලසන්ත ඝාතනයේ සැකකරුවන් පිරිසක් නිදහස් කිරීමට නීතිපති දුන් නිර්දේශය ගැන අහද්දී කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පොලිස් සහ හමුදා සාමාජිකයින් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් රජය තවමත් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“2006න් පස්සේ දකුණේ පමණක් නෙවෙයි උතුරෙත් මාධ්‍යවේදීන් පැහැරගෙන යාම්, ඝාතන පිළිබඳ නිසි පරිදි විමර්ශනය කරලා අදාළ චූදිතයින්ට දඬුවම් කිරීම සඳහා අපට ජනවරමක් තියෙනවා. ඒ ජනාධිපතිවරණයෙදීත් මහමැතිවරණයේදීත් අපට ලබාදුන් ජනවරම පිළිබඳ අපට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අනුව ඔබට පේනවා ඇති අපේ ජනාධිපතිවරයාද අමාත්‍ය මණ්ඩලය ඇතුළු සමස්ත ආණ්ඩු පක්ෂය මේ පසුගිය කාලයේ කරන ලද මාධ්‍යවේදීන්ගේ ඝාතන, පැහැරගැනීම්, අඩන්තේට්ටම් කිරීම් පිළිබඳව ඒ පරීක්ෂණවලට දෙන්න පුළුවන් උපරිම සහාය ලබාදෙනවා. අපට කරන්න තියෙන්නෙ විමර්ශන කටයුතුවලට සහ නඩු පැවරීමේ කටයුතුවලට අවශ්‍ය කරන යටිතල පහසුකම් සැපයීම රජයක් හැටියට. අධිකරණය මගින් තමයි අවසානයේ තීන්දු ලබාදෙන්නෙ. හැබැයි අපි කිසිසේත් විශ්වාස කරන්නෙ නෑ අධිකරණයේදී විසික් වෙන්න පුළුවන් නඩු පවරන්න ඕනෙ කියලා. අනිවාර්යයෙන්ම මේ ඝාතකයින්ට දඬුවම් පැමිණවිය යුතුමයි. එතනදී ඔබ කියපු ප්‍රශ්නය අපි අවබෝධ කරගෙන ඉන්නවා. මේ නීතිපතිවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව අධ්‍යනය කරමින් ඉන්නවා. ඔබට කියන්න පුළුවන්, ඒ ගැන ඉදිරියේදී ප්‍රකාශයක් කරන්න අපි සූදානම්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය සම්බන්ධයෙන් අපේ රජය ගැන ජනතාව බලන් ඉන්න කාරණයට අදාළ ප්‍රශ්නයක්. ඒ නිසා අපි ඒක අධ්‍යයනය කරලා තීන්දුව ප්‍රකාශයට පත්කරන්නම්”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (පෙබරවාරි 05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය