කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ දිනක් තුළ දෙවැනි දැවැන්තම කඩාවැටීම වාර්තා කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද (පෙබරවාරි 05) දිනයේදී දැවැන්තම කඩා වැටීමක් වාර්තා කළේය.

අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 500.39 කින් පහළ ගොස් ඒකක 16,456.10 ක් ලෙසින් සටහන් විය.

S&P SL20 මිල දර්ශකය ද ඒකක 167.18කින් පහළ ගොස් ඒකක 4,898.04ක් ලෙසින් සටහන් වී තිබිණි.

2022 අප්‍රේල් මස 26 වන දින මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන ලෙසින් ඒකක 608.50ක පහළ යාමක් වාර්තා වී තිබුණු අතර එයින් පසු එක් දිනක් තුළ වැඩිම පහළ යාම වශයෙන් වාර්තා වන්නේ අද දිනයයි.

ගනුදෙනු සඳහා විවෘතව පැවති පසුගිය දින කිහිපයේදීම කොළඹ කොටස් වෙළඳපොල යම් පසුබෑමක් පෙන්නුම් කරන අයුරු දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...