වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයෙන්, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගැන හෙළිදරව්වක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ (LNW):

මේ වන විටත් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වාර්ෂිකව රුපියල් බිලියන 3.2ක පාඩුවක් ලබන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. එම පාඩුව අවම කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

ඒ අනුව මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන යානා ගොඩබැස්වීමේ ගාස්තුවෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කළ අතර, නව තීරණයක් සමග ගුවන් සමාගම් 06ක් මත්තල ගුවන්තොටුපොළට සිය යානා ගොඩබැස්වීමට එකඟතාව පළ කර තිබෙන බව පැවසේ. මත්තල ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව ලක්ෂ 10 ක් බවද වාර්තා වේ.

එහෙත් මේ වනවිට මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන්නේ වාර්ෂිකව මගීන් ලක්ෂයක් පමණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර ,එම සංඛ්‍යාව මේ වසරේදී ලක්ෂ 2ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

මත්තල ගුවන්තොටුපොළ වටා ඇති 17 KM ක් දිග ආරක්ෂිත වැටද අබලන් වී ඇති බවත්, එය නවීකරණය කර ගුවන්තොටුපොළේ ආරක්ෂාව තහවුරු කිරීමටද පියවර ගන්නා බවත්, රුවන් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...