නාමල්ගෙන් ආණ්ඩුවට ස්තූතියක්!

Date:

කොළඹ LNW:ප්‍රමාද වී හෝ වී සඳහා යම් මිලක් ලබා දීම ගැන තමන් ආණ්ඩුවට ස්තූතිවන්ත වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (05) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

”මම ස්තුතිවන්ත වෙනවා ආණ්ඩුවට පරක්කුවෙලා හරි වී වලට යම් මිලක් දීම ගැන. මොකද මම ඒක සාධාරණ මිලක් කියල කියන්න කැමති නැහැ. මොකද ඔබතමුන්නාන්සේලා එදා සටන් කළේ වී වලට සාධාරණ මිල වෙන්නේ 130-150 අතර මිලක් දුන්නොත් කියන කාරණය. එය ඔබතමුන්නාන්සේලාගේ සටන් පාඨය. හැබැයි අද පරක්කු වෙලා හරි 120ක මිලක් ලබාදෙන්න ඔබතමුන්නාන්සේලා කටයුතු කරලා තියෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී කිලෝව රු.120,සම්බා වී කිලෝ එකක් රු. 125 සහ කීරි සම්බා කිලෝවක් රු.132 යන මිල ගණන් යටතේ මිලදී ගැනීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...