දකුණේ ක්‍රිකට් තරුවක් අනුස්මරණය කරමින් බැඩිමින්ටන් තරගාවලියක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 05,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරගවලදී කැපී පෙණුන ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන හැළඹගේ ප්‍රේමසිරි ලාංකේය ක්‍රිකට් සමාජය බොහෝ විට දන්නේ එච් ප්‍රේමසිරි යනුවෙන්ය.අම්බල්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය වෙනුවෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් මෙන්ම ලෙදර් බෝල් ක්‍රිකට් ක්‍රීඩාවේ ද යෙදුණ ප්‍රේමසිරි,පසුව බ්ලූමෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේය.ඔහු වසර 2016 දී වයස 52 දී ඝාතනය වූ අතර ඉන් වසර නවයකට පසුව මේ සුවිශේෂි ක්‍රිකට් ක්‍රීඩකයා අනුස්මරණය කරමින් දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය පවත්වන සමස්ත ලංකාවටම විවෘත වන බැඩිමින්ටන් තරගාවලියක් පවත්වන්නට තීරණය කර ඇත.ඔහු උපුල් තරංග වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකාවට දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයින් රැසක් දායාද කළ අම්බන්ගොඩ ධර්මාශෝකයේ ආදි සිසුවෙකු වන අතර,ශ්‍රී ලංකාව වෙනුවෙන් බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් ඉහළම දක්ෂතා දැක් වූ නිලූක කරුණාරත්න ද බැඩ්මින්ටන් ක්‍රීඩාවට පිවිසුණේ අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන්ය.

මාර්තු මස 10 සිට 16 ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයේ පැවත්වෙන මෙම තරගාවලිය ආශ්‍රීතව විවෘත, ප්‍රවීන සහ කනිෂ්ඨ වයස් කාණ්ඩ ඇතුළු විවිධ කාණ්ඩ යටතේ තරඟ පැවැත්වේ. කනිෂ්ඨ ඉසව් 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා ලෙස කේවල සහ යුගල යන දෙකම ඇතුළත් කර ඇත. විවෘත කාණ්ඩයේ පිරිමි සහ කාන්තා කේවල, යුගල සහ මිශ්‍ර යුගල යන අංශ ද මීට අමතරව, ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් සහෝදරත්වයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වෙනුවෙන් ද වයස් කාන්ඩ යටතේ තරග ඇතුළත් කර ඇත.

රු. 1,000,000 ක මුළු මුදල් ත්‍යාග වෙන් වී ඇති මෙම තරගාවලිය සඳහා දකුණු පළාත් බැඩිමින්ටන් සංගමය සමඟ ශ්‍රී ලංකා බැඩිමින්ටන් අත්වැල් බැඳගෙන සිටියි. කලාපීය බැඩ්මින්ටන් වර්ධනය හා සංවර්ධනය සඳහා අඛණ්ඩව දායක වන මැක්ෆොයිල්, මොබිල්, ජීඒසී, ලී නින්ග් සහ 3M අනුග්‍රාහකත්වය වෙනුවෙන් ඉඳිරිපත් වී සිටියි.

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් චක්‍රය තුළ I ශ්‍රේණියේ තරඟාවලියක් වන මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට කැමති ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිල වෙබ් අඩවිය හරහා තම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර, වැඩිදුර විස්තර ඉක්මනින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...