බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමා තමා විසින් 2024 දී වොෂින්ටනයේ එක්සත් රාජධානියේ තානාපති ලෙස ලෝඩ් මැන්ඩෙල්සන් පත් කිරීමත්, මැන්ඩෙල්සන්ගේ බොරු විශ්වාස කිරීමත්, සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

ගෙවුණු දින කිහිපය තුළ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද අපකීර්තියට පත් මූල්‍යකරු ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ නවතම තොරතුරු තුළ එක්සත් රාජධානියේ ලෝඩ් මැන්ඩෙල්සන් දක්නට ලැබීමත්, මැන්ඩෙල්සන් සහ එප්ස්ටයින් අතර ඊමේල් රාශියක් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කිරීමෙන් පසු මෙම අපකීර්තිය වර්ධනය විය.

මෙත් සමඟ 72 හැවිරිදි මැන්ඩෙල්සන් එප්ස්ටයින් හා සම්බන්ධ ලිපි ලේඛන තුළ 2008 මූල්‍ය අර්බුදයෙන් පසු එප්ස්ටයින්ට වෙළඳපොළ සංවේදී තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති අතර එවකට බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් ප්‍රකාශ කර තිබුණේ, මැන්ඩෙල්සන් සමාව දිය නොහැකි සහ දේශද්‍රෝහී ක්‍රියාවක් කර ඇති බවයි.