*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

දහතුන ක්‍රියාත්මක කරමුද ? නැත්නම් තවත් යුද්ධෙකට පසුබිම හදාගමුද ?

“ජාතිය” යනු කාර්මික විප්ලවයෙන් පසු බිහිවූ ප්‍රාග්ධනයේ ප්‍රාමානික රූපිකයකි. ධනවාදය කේන්ද්‍රකරගනිමින් බිහිවූ මේ “ජාතිය” ධනවාදයේ ගෝලීයකරණයේ පළයක් ලෙස ලොව සෑම තැනකම “ජාතික රාජ්‍යය” නමින් සජාතීය දේශපාලන ඒකක පිහිටුවීය. එහිදී ධනවාදය ආසියාව ආක්‍රමණය කිරීමත් සමඟ ලාංකීය ජාතිය බිහිවීමට අදාල අඩි තාලම වැටින.

එතෙක් රුහුණු, පිහිටි, මායා, සහ යාපා පටුන ලෙස කැබලි ගණනාවකට බෙදී, වැඩවසම් රාජ්‍යයන් කිහිපයක් ලෙස තිබූ ලාංකීය දේශපාලන බූමිය තනි ජාතික රාජ්‍යයක් බවට පත්වන්නේ මේ ක්‍රියාවලියත් සමඟය.

මුළු දූපතම ඒකාබද්ධ කල මංමාවත් පද්දතියක් හා නගර පද්දතියක් සිතියම් ගතකර ඒවා ලාංකීය පොලොවේ ඉදිකරන්නේද, එසේම ජාතික රෝහල් පද්දතියක් හා පාසල් හා සරසවි පද්දතියක් යන මේ ජාතික රාජ්‍යයකට අවශ්‍ය සියල්ල නිර්මාණය වන්නෙද මේ නව ධනේශ්වර ආකෘතිය තුලය.මුළු ජාතික බූමියටම ආමන්ත්‍රණය කල හැකි සන්නිවේදන තාක්ෂණයක් පැමිණෙන්නේද මේ ධනවාදයේ ආගමනයෙන් පසුවය. ඊට පෙර පැවති වැඩවසම් ප්‍රාදේශීය කරනය තුල මේ කිසිවක් කිරීමට අවශ්‍ය තාක්ෂණය ධාරිතාවයක් හෝ දියුණු සමාජ විඥ්ඥානයක් හෝ තිබුනේ නැත.

ධනේශ්වර ජාතිය යනු ප්‍රාග්ධනයේ ඓතිහාසික ඒකකයකි.මේ ප්‍රාග්ධන ඒකකයේ සීමාව නිර්ණය වුනේ ඒ මොහොතේ උක්ත බූමියේ තිබූ තරණය කල නොහැකි බෞතික බාදක හේතුකොටගෙනය. එය ඉන්දියාවට අදාලව ගත්කල එක් පසෙක දැවැන්ත හින්දු කුෂ් කඳුවැටියත් තවත් පැත්තකින් වු මහ සයුරත් මේ භෞතික බාදක ලෙස පවතින්නට ඇත. මෙය ලංකාවට අදාලව ගත්කල රටවටා ඇති කරදිය වලල්ල විසින් ලාංකීය ජාතික රාජ්‍යයේ සොබාවික සීමාව ලකුණු කරන්නට ඇතැයි සිතිය හැක.

එසේම ලෝකයේ බිහිවූ මේ නව ජාතික රාජ්‍ය බූමියේ ජීවත් වූයේ ඒ ඒ තැන්වල පැවති පැරණි වැඩවසම් සබ්‍යත්වයට අයත් සංකෘතික ජීවීන්මය. ඒ හේතුවෙන්ම මේ සෑම නව ජාතික රාජ්‍යයකම ඔවුන්ගේම වූ මොනයම් හෝ සංකෘතික ඇබ්බැහියක් තිබින.

මෙහිදී බටහිරයන් පය ගැසූ දුපත්වල ඔවුන් “ජාතික රාජ්‍යය” නැමති පළල් ඒකකය බිහිකර ඇත්තේ පැරණි ප්‍රාදේශීය සංකෘතීන් කිහිපයක් හෝ ගනනාවක් එකතුකිරීමෙන් අනතුරුවය. ඒ අනුව ජාතික රාජ්‍යය බිහිවීමට පෙර එම බූමි බාග තුල කුඩා කුඩා සංකෘතීන් ගනනාවක් තිබී ඇත.

මේ සම්බන්දව අපි මාක්ස්ගේ තිසීස පෙරලා බැළුව හොත් මාක්ස්ට අනුව ගත් කල නව ධනේශ්වර ජාතිය තුල ඒකීබූත වන විවිධ සංකෘතීන්ට අයත් ප්‍රජාව එක් ජාතික ඒකකයක් තුල එක් ආර්ථික ජීවිතයක් ගතකිරීම නිසා එක් සංකෘතික ඒකකයක් ලෙස ස්වීකරණය වීමට නියමිතව ඇති බවය.

නමුත් මෙහිදී ඇතිවූ ගැඨළුව නම් බටහිරයන් මේ රාජ්‍යයන්ට නිදහස පිරිනමා මේ රාජ්‍යයන් අතහැර දමා යන විටද ඇතැම් තැන්වල පෙරකී විවිධ ජාතීන් ස්වීකරණය වී එක් ජාතියක් නිර්මාණය වී තිබුනේ නැත.
එයට හේතුව මේ යටත්විජිතවල අරටු බැස බැස තිබූ ඉපැරැණි සංකෘතික ලැග්මයි. නමුත් එසේ ස්වීකරණය නොවූ තැන් සඳහාද ධනවාදය විසින් ප්‍රසස්ථ පිළියමක් සොයාගෙන තිබින. ඒ සන්දීය රාජ්‍ය ආකෘතියයි.

මේ සන්ධර්බය අපි ලංකාවට අදාල කරගෙන බැලූවිට මින් පෙර කුඩා කුඩා වැඩවසම් ප්‍රාදේශීය රාජ්‍ය කිහිපයක් ලෙස පැවති රට ප්‍රථම වතාවට එක්සේසත් කලේ ධනවාදය විසින් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

මේ අනුව මහා ඉතිහාසයක් තිබුනා යැයි කියන “සිංහල බෞද්ධ ජාතික ඉතිහාසය” සුදු අධිරාජ්‍ය වාදීන් බිහිකල ධනවාදය තුල උපත ලැබූවක් මිස ඉන් එහා ඉතිහාසයක් එයට තිබී නැත. කොටින්ම මේ සිංහල බෞද්ධ ජාතිකවාදයට ස්වකීය පෞර ඉතිහාසය ප්‍රබන්ද කරගැනීමට අවශ්‍ය බෞතික පදනම පවා සකස්කර දෙන්නේද මහා කැළයකින් හා පස් ගොඩකින් වැසී තිබු උතුරු මැද නඨඹුන් විශෙෂයක් කැළේ කපා පස් ඉවත්කර මතුකර දෙන්නේ ද සුදු ජාතිකයන් විසින්මය.

තවත් පැත්තකින් ගත් කල වැඩවසම් ක්‍රමයේ තිබූ ම්ලේච්ඡ කුළ පිහිටීම අනුව රදල කුළීනයන් විසින් පහලම කුළවල කුළ හීන ජනතාව තවත් මිනිස් කොඨ්ටාසයක් ලෙසින් හෝ පිළිගෙන නැත. මෙවන් සන්තිතියක් තුල සජාතීය ජාතියක් හෝ ජාතික ඒකාග්‍රතාවයක් වැඩවසම් සමාජවල බිහිවන්නට විදියක්ද නැත.

මෙය තවදුරටත් උදාහරණ සහිතව පැහැදිලි කරගන්නේ නම් වැඩවසම් ප්‍රභූන්ගේ ප්‍රවාහන පහසුකම් සකස්වී තිබුනේ ගොනුන් බැඳි කරත්ත වලිනි, නැත්නම් මිනිසුන් බැඳි දෝලාවල් වලිනි. මෙහිදී පූර්ව ධනේශ්වර යුගය තුල කුළහීන මිනිසුන් ප්‍රබූ කොටසකට අයත් දේපොලක් ලෙස පැවති සමාජ පසුබිම තුල සජාතීය ඒකාග්‍ර ජාතියක් බිහිවීමට කොහෙත්ම ඉඩක් නැත.

මෙහිදී විද්‍යාත්මක ඇසකින් විමර්ශනය කලවිට ලාංකීය ජාතිය බටහිරයන් විසින් නිර්මාණය කරන ලද්දක් මිස දුටුගැමුණු , වලගම්බා විසින් බිහිකරන ලද්දක් නොවන බැවින් ලාංකීය බූමියේ උතුරු නැගනහිර හතර දිග්බාගයම වෙනුවෙන් සිංහල බෞද්ධ ජාතිකවාදීන් විසින් කියාපාන උරුමය යනු ඉතිහාසයට හොර ඔප්පු ලියාගැනීමක් බඳු වැඩකි.

මෙහිදී ලාංකීය ජාතියේ දුර්වල කළලය නිර්මාණය වීමේදී එය එහි දුර්වල පාදම ලෙස යොදා ගෙන ඇත්තේ සිංහලබෞද්ධ වාර්ගික ද්‍රෂ්ඨිවාදයයි. මෙහිදී එහි ඇතුලත පැවති උප්පත්ති ගත විකෘතියක් නිසා එහි කෝෂය සාදාගන්නේ අන් ජනවර්ග පිටතින් තබා සහ විපරීත බටහිර විරෝධයක්ද සමගිනි. මෙහිදී ඔවුන් අන් ජනවර්ග පිටතින් තැබීමෙන් නොනැවතී ඔවුන්ට දිගින් දිගටම ප්‍රචන්ඩ කෙනෙහිළි කම්ද කරන්නට යෙදුනි. එහි ප්‍රතිපලය වූයේ උතුරේ දෙමළ ජනයා වෙනම රාජ්‍යයක් පිහිටුවන අස්තානයක් කරා තල්ලුවීමය.

ලාංකීය ජාතිකවාදයේ පාදම නිර්මාණය කරගැනීම සඳහා දෘෂඨිවාදයක් ලෙස බාවිතාවූ සිංහල බෞද්ධ උරුමය උත්කර්ශයට නැංවීමේදී ජාතියේ ඉතිහාසය දෙමළ විරෝධී ධීර වීර අභිනන්දනයක් බවට පත්කෙරී ඇත. මේ සිංහල බෞද්ධ දෘෂඨිවාදයට අනුව ජාතියේ ඉතිහාසයේ පරමාදර්ශී පාලකයන් යනු ඉන්දියානු සම්බවයක් ඇති සියළු දුෂ්ඨයන් තොගේට සමූළගාතනය කල සිංහල නරපතියන්ය. එසේම මෙකී සමූළගාතන බුදු දහමේ සඳහන් ප්‍රානඝාත අකුසලයන්ට හසුවන්නේද නැත.

මේ ජාතික වාදීන්ට අනුව ඒ සියල්ල සිංහල බෞද්ධ ජාතියේ තිරස්තිතිය උදෙසාමය. ඒ අනුව මහාවංසයේ නව අර්තකතන පවා පෙළ ගැසෙන්නේ දෙමළ ජනවාර්ග වලට එරෙහිවය.

සුදු අදිරාජ්‍ය වාදීන් ධනේශ්වර රාජ්‍ය ආකෘතිය නිර්මාණය කර එහි යුධ හමුදාව නිර්මාණය කරනවිට ඔවුන් එහි රෙජිමේන්තු නම් කලේ පාබල රෙජිමේන්තුව යන නමින් පමණි. නමුත් නිදහස ලබාගැනීමෙන් පසු නිර්මාණය කල සියළු රෙජිමේන්තු වලට නම් යෙදුවේ ගැමුණු, විජයබා, ගජබා, වැනි දමිළ සංහාරයේ යෙදුනා යැයි කියන රජවරුන්ගේ නම්ය. ඒ අනුව මේ රෙජිමේන්තු වලට නම් තැබීම පවා කෙරෙන්නේ දෙමළ විරෝධී යුද්ධයක් ඉලක්ක කර ගනිමින්ය.

උක්ත අර්බූදය තුල උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රතිවිරුද්ධ බාවිතය වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහාවූ බිහිසුනු යුද්ධයක් බවටම පත්වී අවසානයේ ප්‍රකෝටි ගනන් දේපොලද ලක්ෂ සංක්‍යාත මිනිස් ජීවිතද අහිමිවී අර්බූදයද නොවිසඳී අර්බූදය තව තවත් ගැඹුරුවෙමින් අනාගතයට ඇදෙනු පෙනේ.

අප මෙහිදී මේ ජනවාර්ගික සංකෘතික විවිධත්වය සම්බන්ද ගැඨළුව අසල්වැසි ඉන්දියාව ප්‍රසස්ථ ලෙස විසඳාගත් ආකාරය දෙස මදක් හැරී බලමු.

ඉන්දියාව යනු එකිනෙකට වෙනස් ජනවර්ග රාශියක් ජීවත්වෙන අති විශාල බූමියකි. නමුත් ඉන්දියානු නායකයන් මේ ප්‍රශ්නය විසඳාගත්තේ අන් ජනවර්ග බහුතර හින්දූන්ගේ ආධිපත්‍ය යටතේ තබාගෙන නොවේ. ඒ වෙනුවට ඔවුන් සියළු ජාතීන්ට පෙඩරල් ව්‍යවස්තාවක් හරහා ඇති තරම් ස්වාදීනත්වය දුන්නේය. එහිදී සුළු ජන කොටස් වලට අමුතුවෙන් වෙන්වීමේ අවශ්‍යතාවයක් පැනනොනැංගේය.

අපි නැවතත් දැන් ලාංකීය ජනවාර්ගික ගැඨළුව දෙසට හැරෙමු, අසල්වැසි ඉන්දියාව ඒ ගැඨළුව එසේ ප්‍රසස්ථ ව්‍යවස්තාවක් හරහා විසඳාගත්තද ලංකාවේ සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ ඉත්තන් ලෙස බලයට පැමිණි සෑම සියළු ආන්ඩුවකටම සිංහල බෞද්ධ ඒකීය ව්‍යවස්තාවෙන් අඟලක් හෝ ඉදිරියට යාමට නොහැකි විය.
උතුරේ දෙමළ ජනයාගේ ගැඨළුව කේන්ද්‍රකරගනිමින් සුළු හෝ ව්‍යවස්තා සංශෝධනයක් දකුණේ පාර්ලිමේන්තුව තුල සිදු උනේ නම් ඒ දහතුන් වැනි ව්‍යවස්තා සංශෝධනය පමණි. නමුත් එයද දකුණේ බහුතර ජාතිවාදී බලවේගවල විරෝධය නිසා මළ දරු උපතක් බවට පත් විය.

ජාතික ධනය ඩොලර් බිලියන තුන්සීයක් පමණ සුන්නද්දූලි කරගත් සිවිල් යුධ ගැටුම් තුලින් අපිම නිර්මාණය කරගත් නූතන මහා ආර්ථික අර්බූදය හමුවේ බටහිර ලෝකයේ සහ ඉන්දියානු සහයෝගය නොමැතිව ලංකාවට ඉදිරියට යාමට නොහැකි දේශපාලන සන්තිතිය තුල නැවතත් දකුණේ සමාජය දහතුන්වෙනි ව්‍යවස්තා සංශෝධනය වෙත තල්ලුකර දමා ඇත. සිංහල බෞද්ධ දෘෂඨිවාදයේ දැපනේ වැටුන දකුණේ පාලකයන් කිසි කලෙකත් බාහිර බලපෑමකින් තොරව සුළු ජාතීන්ට කිසිවක් දෙන්නේ නැත.

ඒ නිසා මේ තත්වය තුල හෝ උතුරේ දෙමළ ප්‍රජාවට දහ තුනෙන් හෝ දිය හැකි යමක් දෙන්නේ නම් එය යහපත් ක්‍රියාවකි.

එසේම මේ මොහොතේ පවා ආගමික පූජකයින් හා ජාතිවාදී දුෂ්ඨ බලවේග දහතුනට එරෙහි චිරාගත විරෝධයට පනපොවමින් සිටිනු පෙනෙන්නට තිබේ. නමුත් රට මේ ආර්ථික අර්බුදයෙ ගොඩ ගැනීමට නම් මේ දුෂ්ඨ බලවේග නොතකා හැරිය යුතුමය.

එමෙන්ම මේ අතර තවත් එක් යහපත් දෙයක්ද සිදුවී ඇත. එනම් පලාත්සබාවට පක්ෂ මිනිසුන්ව මරාදැමුනු ඉතිහාසයක් හිමි ජා.ජ.බ.ය මේ මොහොතේ දහතුනට පක්ෂව කතාකරමින් සිටීමයි. එයද යම් සාධනීය බලපෑමක් ලෙස අපට ගත හැකිය.

කෙසේ හෝ වර්තමාන ආන්ඩුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ දහතුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් එය අනාගත යුද්ධයන් ගනනාවක් වලක්වාගන්නා ප්‍රසස්ථ දේශපාලන තීන්දුවක් වනු ඇත.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan