බෙයිජිං ඔලිම්පික් උළෙලට යුක්රේන කණ්ඩායම පැමිණෙද්දී පුටින් නිදි කිරා වැටෙයි!

Date:

චීනයේ බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලට යුක්රේන කණ්ඩායම හඳුන්වා දෙන අවස්ථාවේදී එහි ගොස් සිටි රුසියානු ජනපති පුටින් නිදි කිරා වැටෙන බව කැමරාවල සටහන් වී තිබිණි.තමන් නිදිමතෙන් පසුව න බව හඟවමින් මෙහිදී පුටින් ඇස් වසාගෙන හිස පැත්තකට ඇළ කර ගනියි.

මේ අතර යුක්රේන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුටින් ඉදිරියේදී යුක්රේන ජාතික ධජය වැනූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පුටින් සහ යුක්රේනය අතර විසරකය දන්නා බොහෝ මාධ්‍යකරුවන්ගේ කැමරා, යුක්රේන කණ්ඩායම පිවිසෙන අවස්ථාවේදී පුටින්ගේ ප්‍රතික්‍රියාවන් දැකීම සඳහා එල්ල වී තිබිණි.

මේ අනුව යුක්රේන කණ්ඩායම ඉවත්ව යන අවස්ථාවේදී පුටින් හදිසියේම නින්දෙන් නැගිටියාක් මෙන් දෙනෙත් විවර කරන අන්දම ද එම කැමරාවල සටහන් ව තිබිණි.

පුටින් මේ අන්දමින් නිදි කිරා වැටුණේ, පූර්ණ පරිමාණ ආක්‍රමණයක බිය තවදුරටත් වැඩි කරමින් රුසියානු සොල්දාදුවන් 100,000 ක් දෙනා යුක්රේන දේශසීමාව වෙත ගොස් සිටින අතරවාරයේ ය.

AMALI JAYAWEERA OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...