නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළඳුන්ට වැඩ වරදී!

0
126

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): අද සිට (05) සිට නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

පාන් රාත්තලක සහ පාන් භාගයට අදාළව නියමිත බර සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය පසුගියදා කටයුතු කළ කළේය.

එම නිවේදනයේ දක්වා ඇත්තේ, ඒ අනුව පාන් රාත්තලක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු බවටත් එහි වෙනස් වීම ග්‍රෑම් 13.5ක් විය යුතු බවටත්, පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් ලෙසත් බර වෙනස් වීම ග්‍රෑම් 9ක් ලෙසත්ය.