පිළිලයක් වූ පිළිකාවට එරෙහිව නැඟී සිටීමට දිනයක්!

Date:

සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝක පිළිකා දිනය සෑම වසරකම පෙබරවාරි 4 වන දින සමරනු ලැබේ.

පිළිකාව පිළිබඳ දැනුවත් කිරීම ප්‍රවර්ධනය කිරීම මෙම දිනයේ අරමුණයි.

පිළිකා සත්කාර, හඳුනා ගැනීම, වැළැක්වීමේ පියවර සහ ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට උත්සාහ කරන ක්‍රියා ශක්තිමත් කිරීමට ද එය උපකාරී වේ.

පිළිකා යනු ශරීරයේ ඕනෑම අවයවයකට හෝ පටකයකට බලපාන විශාල රෝගකාරකයකි. එය පාලනය කළ නොහැකි ලෙස බෙදී යන සෛලවල අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරයි. පිළිකාවට ශරීරයේ පැතිරීමේ හැකියාව ද පවතී.

2024 ලෝක පිළිකා දිනයේ තේමාව වන්නේ; ‘රැකවරණ පරතරය වසා දමන්න: සෑම කෙනෙකුටම පිළිකා සත්කාර සඳහා ප්‍රවේශය ලැබිය යුතුය’ යන්නයි.

ජාත්‍යන්තර පිළිකා පාලනය සඳහා වූ සංගමය (UICC) මෙම ව්‍යාපාරය කෙරෙහි පූර්ණ මැඳිහත් වීමකින් කටයුතු කරන අතර, සෑම වසරකම මෙම දිනයේ ලොව පුරා විවිධ ක්‍රියාකාරකම් සහ සිදුවීම් සිදු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...