වැලිකඩ පොලිසියට ගිය NPP නායිකාවෝ!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): වැලිකඩ පොලිසියෙන් කළ කැඳවීමට NPP නායිකාවන් එම පොලිසිය වෙත පැමිණි බව ම පක්ෂය පවසයි. ඒ අද (05) පස්වරුවේදීය.

පසුගිය දෙසැම්බර් 04 දින විවාදයට ගැනුන 2024 අයවැය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැති උද්ඝෝෂණයට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරමින් පහර දුන් අතර එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අද (05) සවස 3.00ට වැලිකඩ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

එම දැනුම් දීමට අනුව හිටපු නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ ධනුෂ්කී ලියනපටබැඳි, නීතිඥ නිමලා සිරිවර්ධන යන අය පෙනී සිටි අතර එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල, නීතිඥ අකලංක උක්වත්ත, නීතිඥ ජගත් අබේනායක යන අයද වැලිකඩ පොලිසිය වෙත පැමිණ තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක්...

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...