*
Thursday, February 6, 2025
spot_img

Latest Posts

100 අන්තර්ජාතික සූරතාවලියට රටින් එන 401 ක්

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 06,(LNW)කොළඹ :

පෙබරවාරි 25 සිට මාර්තු 2 වන දා දක්වා පැවත්වෙන 100 ජාත්‍යන්තර අභියෝගතා සූරතාවලිය සඳහා මුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 667 ක් සහභාගි වන අතර ඉන් 559 ක් ම විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.එසේම මාර්තු 3 වන දා ඇරඹී මාර්තු 8 වන දා දක්වා පැවත්වෙන 100 ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 495 ක් සහභාගි වන අතර ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 401 ක් ඇතුළත්ව සිටිති.
තරගාවලි දෙකම පැවත්වෙන්නේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ වන අතර පළමු තරගාවලියට දින 6 ක් පුරා රැදී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 559 දෙනෙක්ගෙන් රටේ ආර්ථිකයට විදෙස් මුදල් විශාල ප්‍රමාණයක් එකතු වනු ඇත.එසේම මාර්තු 3 වන දා සිට 8 වන දා දක්වා ද විදෙස් ක්‍රීඩකයින් 401 දෙනෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටිනු ඇත.මෙවැනි රටේ ක්‍රීඩාවට සහ රටට ආර්ථික වශයෙන් ශක්තිමත් වන ක්‍රීඩා තරගාවලි දෙකක් සම්බන්ධයෙන්,තරගාවලි සංවිධානයට සුගතදාස පිටිය ලබා දීමේදී හෝ ක්‍රීඩා අමාත්‍යංශයට යම් සහනදායි පිළිවෙතක් අනුගමනය කරන්නට හැකියාව ඇති අතර ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ආර්ථිකයක් සහ සංස්කෘතියක් ගැන අදහස් දක්වමින් සිටින ක්‍රීඩා බලධාරීන් සාධාරණයක් කරනු ඇතැයි ද අපි විශ්වාස කරන්නෙමු.

මේ සමඟ ඡායාරූප සේ ඉදරිපත් කර ඇති දත්තවල තරගාවලි දෙකට ක්‍රීඩකයින් සහභාගි වන ආකාරය දක්වා ඇති අතර එහි එක් ඡායාරූපයක ක්‍රීඩකයින් සහ විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණය ද,කාන්තා සහ පිරිමි ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් බෙදෙන ආකාරයද දක්වා ඇත.පළමු තරගාවලියට ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් 28 ක් සහභාගි වන අතර දෙවන තරගාවලියට රටවල් 26 ක් එක් වනු ඇත.මේ තරගාවලියට අනුග්‍රාහකත්වයෙන් විශාල දායකත්වයක් දෙමින් සංචාරක අමාත්‍යංශය මෙන්ම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයටම අයත් නිස්කෝ වීඩියෝ ආයතනයද හවුල් කරගෙන තරගාවලියේ විවේකී අවස්ථාවන් හී දී ප්‍රදර්ශනය කරන්නට සංචාරක වටිනාකමකින් යුත් ස්ථාන ඇතුළත් වීඩියෝ පටයක් වුව ප්‍රදර්ශනය කළ හැකිය.

රටේ ක්‍රීඩාව සම්බන්ධ ඉසව්වලදී අඩු අවධානයක් පාර්ලිමේන්තුවේ සිටම යොමුවන බව සාමාන්‍ය තත්ත්වයක් වන අතර ක්‍රිකට් හැර වෙනත් ක්‍රීඩාවක් ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු නොකරන තරම්ය.එහෙත් එම සම්ප්‍රදාය වෙනස් කරමින්,මේ තරගාවලියට ක්‍රීඩාංගණ පහසුකම් ආදිය සපයමින් අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වෙමින් ක්‍රීඩා අමාත්‍යංශයට රජයේ වෙනත් අමාත්‍යංශ සහ ආයතනද මැදිහත් කරගෙන ක්‍රීඩාව රටේ ආර්ථිකයට අදාළ සංචාරක ව්‍යාපාරය වැනි කේෂ්ත්‍රයක් කරා යොමු කළ හැකිය.

වසර ගණනක සිට ජාත්‍යන්තර මට්ටමේ ඉසව් මෙ‘රට පවතින අවස්ථාවල අප මේ කරුණු පෙන්වා දී ඇති නමුත්,දේශපාලන බලධාරීන් මෙන්ම වගකිවයුතු නිලධාරීන් ද තමන්ගේ සම්ප්‍රදායික සිතුවිල්ලෙන් වඩාත් ප්‍රායෝගික ක්‍රීයාකාරකමකට පිවිසෙනු විනා මාධ්‍ය අප පෙන්වා දුන් කරුණු මායිම් කරන්නේ නැත.වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ද සමහර විට මේ සටහනට ප්‍රතිචාර ලෙස මෙය නිශ්මං රණසිංහ ලෙස ලියන්නේ ඔබමද යනුවෙන් විමසා සිටිනු විනා එහි පලදායික යමක් වේ දැයි නොසිතන්නටත් ඉඩ ඇත.ඇමතිවරු කියන්නට පෙර බොහෝ කලෙක සිට අප ක්‍රීඩා සාහිත්‍යයක් ගැන,කලාවක් ගැන කියමින් සහ ඊට ප්‍රායෝගිකව දායකවෙමින් ද,ක්‍රීඩාව සංචාරක වශයෙන් වැදගත් ලෙස යොදා ගත හැකි ආකාරය ගැන සාකච්ඡා කරමින් ද සිටින බැවින් ක්‍රීඩා අමාත්‍යතුමාගේ කේෂ්ත්‍රයට ඇති අලුත්කම යම් නිලධාරීන් විසින් ප්‍රයෝජනයට ගෙන තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාවට නංවන්නට උත්සාහ කරනවා ද විය හැකිය

වරදට එරෙහිවන අයුරෙන්ම යහපත් දැක්මෙන් කරන යහපත් පලදායි වැඩට ද අපි කොන්දේසි විරහිතව සහය වන්නෙමු.ඒ නිසා හැකිනම් අප යළි යළිත් යෝජනා කරන්නේ රටට වටිනා මේ මොහොත එය සංවිධානය කරන පිරිසට අනුග්‍රාහක දිරියක් වෙමින් ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රමුඛ වී ආණ්ඩුවට ප්‍රයෝජනයට ගන්නා ලෙසය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan