ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.

ඒ, සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් අනුව ය.

මෙම සංචාරය සඳහා ටිල්වින් සිල්වා මහතා සමග කරුණානාදන් ඉලන්කුමරන්, කිට්නන් සෙල්වරාජ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජානක අධිකාරී, ජවිපෙ මාධ්‍ය ඒකකයේ හේමතිලක ගමගේ, ජවිපෙ ජාත්‍යන්තර කමිටුවේ නීතීඥ කල්පනා මධුභාෂිනී යන අය එක්ව සිටිති.

ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සහ ගුජරාට්, කේරළ ප්‍රාන්තවල ද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රාන්තවල මහ ඇමතිවරුන් සමග සාකච්ඡා කිරීමට ද නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...