යෝධයා අවසන් පූර්ව තරගයට

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW:

චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී ලංකාව තුල සිටින වේගවත්ම ධාවකයා ය.මේ වන විට යෝධසිංහ සිටින්නේ චීනයි ටියන්ජින්වල ය.ඒ ආසියාතික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේ මීටර් 60 ඉසව්වට සහභාගි වෙමින්ය.ඔහු එහි සිව්වන මූලික තරගයේදි බලාපොරොත්තු වූ ස්ථානයට ළඟා වීමට අපොහොසත් වුව ද,තත්පර 6.84 න් තරගය නිමා කර පස්වැනි ස්ථානයට පැමිණිය ද හොඳම කාලයන් අතරින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.


ශ්‍රී ලංකාවෙන් එම ඉසව්ව නියෝජනය කළ මනුජ ප්‍රභාෂ් ද ඔහුගේ මූලික තරගයේ පස්වැන්නා වුව ද,වාර්තා කළ තත්පර 7.06 අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් කාලයක් නොවීය.අත්දැකීම් ඇති ආසියානු ගෘහස්ථ ක්‍රීඩා පදක්කම්ලාභිණියක ද වන නිමාලි ලියනාරච්චි මීටර් 800 අවසාන තරගයට සුදුසුකම් ලබා ගන්නට අසමත් වූවාය.ඇය සහභාගි වූ මූලික තරගයේදී නිමාලි ඉසව්ව නිමා කළේ සිව්වැන්නා ලෙසය.වාර්තා කර තිබුණ කාලය විනාඩි 2:17.75 කි.


පසිඳු මල්ෂාන්ට ද තුන් පිම්ම ඉසව්වෙන් පදක්කම්ලාභීන් අතරට එක් විමට අවස්ථාව ලැබුණේ නැත.ඔහු දැක් වූ දක්ෂතාවය මීටර් 15.70 කි.ඔහුට අත් වූයේ පස්වන තැනය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...