යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW:

චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී ලංකාව තුල සිටින වේගවත්ම ධාවකයා ය.මේ වන විට යෝධසිංහ සිටින්නේ චීනයි ටියන්ජින්වල ය.ඒ ආසියාතික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේ මීටර් 60 ඉසව්වට සහභාගි වෙමින්ය.ඔහු එහි සිව්වන මූලික තරගයේදි බලාපොරොත්තු වූ ස්ථානයට ළඟා වීමට අපොහොසත් වුව ද,තත්පර 6.84 න් තරගය නිමා කර පස්වැනි ස්ථානයට පැමිණිය ද හොඳම කාලයන් අතරින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.


ශ්‍රී ලංකාවෙන් එම ඉසව්ව නියෝජනය කළ මනුජ ප්‍රභාෂ් ද ඔහුගේ මූලික තරගයේ පස්වැන්නා වුව ද,වාර්තා කළ තත්පර 7.06 අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් කාලයක් නොවීය.අත්දැකීම් ඇති ආසියානු ගෘහස්ථ ක්‍රීඩා පදක්කම්ලාභිණියක ද වන නිමාලි ලියනාරච්චි මීටර් 800 අවසාන තරගයට සුදුසුකම් ලබා ගන්නට අසමත් වූවාය.ඇය සහභාගි වූ මූලික තරගයේදී නිමාලි ඉසව්ව නිමා කළේ සිව්වැන්නා ලෙසය.වාර්තා කර තිබුණ කාලය විනාඩි 2:17.75 කි.


පසිඳු මල්ෂාන්ට ද තුන් පිම්ම ඉසව්වෙන් පදක්කම්ලාභීන් අතරට එක් විමට අවස්ථාව ලැබුණේ නැත.ඔහු දැක් වූ දක්ෂතාවය මීටර් 15.70 කි.ඔහුට අත් වූයේ පස්වන තැනය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...