සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි ෂියා පල්ලියක යාඥා අතරතුර සිදුවූ පිපිරීමක් හේතුවෙන් අවම වශයෙන් 24 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පිපිරීම සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින අතර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, අනතුරට ලක්වුවන් සම්බන්ධයෙන් සිය දැඩි ශෝකය ප්‍රකාශ කරන බවයි.

