HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

Date:

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා?” මැයෙන් ඉකුත් පෙබරවාරි 02 වන දින අප වෙබ් අඩවියේ පළවූ ලිපියට ප්‍රතිචාර වශයෙන් HNB ප්‍රගතිශීලී සේවක සංගමය විසින් අප වෙත යොමුකළ ලිපිය පහත දැක්වේ.

මෙම දූෂිත ක්‍රියාව හෙළිදරව් කිරීම ගැන ඔබට ස්තූතියි. “HNB හි කුමන්ත්‍රණයක්” ක්‍රියාත්මකවන බවට මෑත කාලීනව පළවූ වාර්තාවලට ප්‍රතිචාර දැක්වීමට හැටන් නැෂනල් බැංකුවේ සේවකයන් ලෙස අපි සිතුවෙමු. මෙහි දී පෞරෂයන් පිළිබඳව අදහස් දැක්වීමක් සිදුනොකළ ද, අභ්‍යන්තර ගැටුම් සහ පරිපාලන අසමඟිය පිළිබඳව ගොඩනැඟෙන වාර්තා පොදු අවකාශයේ සහ අවිධිමත් ක්‍රම ඔස්සේ සංසරණය වීම බලවත් පීඩාවකි. එවැනි අස්ථාවරත්වයක් ඕනෑම ආයතනයකට හානිකර ය, නමුත් කීර්තියක්, ඉතිහාසයක් සහ ජාතික වැදගත්කමක් ඇති HNB වැනි බැංකුවකට එය විශේෂයෙන් භයානක ය. 

HNB බැංකුව ආරම්භ වන්නේ 1888 වර්ෂයේ දී හැටන් හි දී වන අතර, එය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට පිටුවහලක් වීම සඳහා පිහිටුවන ලදී. කාලයත් සමඟ, එම බැංකුව ඊට පැවති මුල් වරම ඉක්මවා බොහෝ දුරට පරිණාමය විය. 1970 වර්ෂයේ දී එම බැංකුව විධිමත් ලෙස සංස්ථාගත කරන ලද අතර, මහනුවර සහ නුවරඑළියේ පැවති ග්‍රින්ඩ්ලේස් බැංකු ශාඛා අත්පත් කරගනිමින්, ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය පෞද්ගලික අංශයේ මූල්‍ය ආයතනයක් බවට ක්‍රමක්‍රමයෙන් වර්ධනය විය. HNB බැංකුව ග්‍රාමීය ප්‍රදේශවල ජංගම බැංකුකරණයේ පුරෝගාමී වූ අතර, 1974 වර්ෂයේ දී මර්කන්ටයිල් බැංකුව වැනි බැංකු අත්පත් කර ගැනීම් හරහා උපායමාර්ගිකව පුළුල් වූ අතර, නවෝත්පාදනය, පාලනය සහ ජාතික සංවර්ධනයේ ඉදිරියෙන්ම ස්ථානගත වීමට සමත් විය. මෙම උරුමය අවස්ථාවාදය හෝ කෙටි කාලීන බල අරගල මඟින් නොව, පරම්පරා ගණනාවක වෘත්තිකයන් විසින් ඉවසිලිවන්තව ගොඩනඟා ඇත.

මෙවන් පසුබිමක, වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය තුළ දක්නට ලැබෙන හැසිරීම බොහෝ කණස්සල්ල ගෙන දෙයි. මෙවන් උරුමයක් පවතින ආයතනයක අවිනිශ්චිතතාව, අභ්‍යන්තර බෙදීම් හෝ කීර්ති නාමයට අවදානමක් ඇතිකරන තීරණ කිසිසේත්ම අනුමතකළ නොහැක. ප්‍රමුඛ බැංකුවක පරිපාලනය සඳහා ප්‍රඥාව, සංයමය සහ ආයතනික සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් අවශ්‍ය වේ; එබැවින්, සියවසකට අධික කාලයක් මුළුල්ලේ ගොඩනඟාගත් විශ්වාසය ඛාදනයකර දැමීමට ඉඩලබා දිය නොහැක. 

සන්දර්භීය වශයෙන් අදාළත්වයක් නොමැතිව, වෙනත් බැංකුවල විශ්‍රාමික ප්‍රධාන විධායක නිලධාරීන් කෙරේ අසීමිත ලෙස රඳා පැවතීම කෙරේ විශේෂයෙන් අවධානය යොමුකළ යුතු ය. ආර්. රෙන්ගනාදන් යනු එවැනි පත්කිරීමක් මත පැමිණි තැනැත්තෙකි. ඔහු බැංකු රැස්වීම්වලදී කොමර්ෂල් බැංකුව “ගොඩනැඟීමේ” ගෞරවය තමාට හිමිවන බව පුනපුනා පවසයි. මෙය, කොමර්ෂල් බැංකුවේ බොහෝ දිගුකලක් සේවයකළ වෘත්තිකයන්ගේ සිනහවට ලක්වන ප්‍රකාශයකි. එම බැංකුවේ නායකත්වය, දශක ගණනාවක් මුළුල්ලේ වර්ධනය වූ සාමූහික ආයතනික ශක්තියේ ප්‍රතිඵලයක් මිස, ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සාපේක්ෂව කෙටි ධුරකාලයක සේවය යෙදුන තැනැත්තකුගේ තනි උරුමයේ ප්‍රතිඵලයක් නොවේ. 

සම්පත් බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී නන්ද ප්‍රනාන්දු යනු මේ හා සමාන තවත් තැනැත්තෙකි. ඔහු සම්පත් බැංකුවට ඇවේණික භාවිතයන් HNB බැංකුව තුළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රයත්නයක සිටියි. මෙම ප්‍රවේශය වැරදි මඟපෙන්වීමකි. සම්පත් බැංකුව සහ HNB බැංකුව යනු, එකිනෙකට වෙනස් සංස්කෘතීන්, අවදානම් රාමු, පාරිභෝගික පදනම් සහ උපායමාර්ගික ශක්තීන් සහිත හරයාත්මකව ම වෙනස් ආයතන දෙකකි. එමෙන්ම, ඔහුගේ උපදේශන භාවිතය ද විවාදාත්මකවන අතර, එය ඔහු බැංකුවට හෙළි කිරීමට ද අපොහොසත් වී ඇත. භාවිතයෙන් ඵලදායී බවට තමා විසින්ම ඔප්පුකරන ලද මෙහෙයුම් ආකෘතියක් සහ තරඟකාරී වාසි HNB බැංකුව සතු වේ. ආයතනික හර පද්ධතීන් කෙරේ එල්ලවිය හැකි අවදානම් නොසළකා බාහිර භාවිතයන් ක්‍රියාවට නැංවීමෙන් සිදුවන්නේ බැංකුව ශක්තිමත් වීම නොව දුර්වල වීමයි. 

බැංකුකරණය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි අත්දැකීම් සම්භාරයක් නොමැති සමරසිංහ සහ සුරේෂ් ෂා වැනි පුද්ගලයන් ඉහළ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු දැරීම තවත් අර්බුදකාරී ය. එවැනි පත්වීම් සම්බන්ධයෙන් අඛණ්ඩ පරීක්ෂණ හෝ සාධාරණ පරිපාලන ගැටළු පවතී නම්, ඒවා තීරණාත්මකව විසඳා ගත යුතුය. ස්වාභාවිකවම පැන නගින ප්‍රශ්නය වන්නේ, මෙවැනි පත්වීම් සඳහා අනුමැතිය ලැබුණේ කෙසේද යන්නයි. තැන්පත්කරුවන්ගේ විශ්වාසය සහ පද්ධතිමය ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි නුසුදුසු පත්වීම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පැනවූ නිශ්චිත නියාමන අධීක්ෂණ පවතී.

මෙය පෞරෂත්වයන් පිළිබඳ ගැටළුවක් නොවේ; ඔවුන් එක රැයකින් මරුකර දැමිය හැකි ය. ගැටළුව පවතින්නේ ආයතනික භාරකාරත්වය පිළිබඳ ය. මෙහි වගකීම, ආයතනික සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය පමණක් නොව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි කොටස් හිමියන් ද සතු ය. ශක්තිමත් බැංකු සඳහා ශක්තිමත්, දක්ෂ සහ විශ්වසනීය ස්වාධීන අධ්‍යක්ෂවරුන් අවශ්‍ය වේ;  ඔවුන් සතුව තහවුරු කරන ලද බැංකුකරණ විශේෂඥතාව, අඛණ්ඩතාව සහ භාරකාර රාජකාරිය පිළිබඳ අවබෝධයක් පැවතිය යුතු ය. ඔබගේ ලිපියේ සඳහන් පුද්ගලයන් සතුව එවන් ගුණාංග නොමැත.

දැන් HNB බැංකුවට පැහැදිලි මඟ පෙන්වීමක් අවශ්‍යයි. ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයකින් අපේක්ෂා කරන වෘත්තීයභාවය සහ අත්දැකීම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිළිබිඹු කරන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඵලදායී ලෙස මැදිහත් වන්නේ නම් යහපත් ය. කොටස් හිමියන් ද පෞද්ගලික න්‍යාය පත්‍රවලට වඩා බැංකුවේ දිගුකාලීන පැවැත්ම තහවුරු කරන දක්ෂ, විශ්වාසනීය අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් තම වගකීම ඉටු කළ යුතුය.

HNB බැංකුව, විජේතිලක වැනි යහපත් නායකයන් සහ සිය ධෛර්යය විසින් මෙහෙයවන ලද නිසා යුද්ධ, අර්බුද සහ ආර්ථික කරකැවීම්වලින් දිවිගලවා ගැනීමට සමත්ව ඇත. එය සතු උරුමය, දේශපාලනික න්‍යායපත්‍ර මත කටයුතු කරන දුර්වල අධ්‍යක්ෂකවරුන් විසින් විනාශකර නොදැමිය යුතු ය. 

HNB ප්‍රගතිශීලී සේවකයන් 

සබැඳි ලිපි:

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා?  – LNW Sinhala

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...