දර්ශන හඳුන්ගොඩ කටුනායකදී අත්අඩංගුවට !

Date:

ජනප්‍රිය යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුගිය අරගල සමයේදී අරගලකරුවන්ට අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සඳහා දර්ශන හඳුන්ගොඩ විසින් අනුබල දී ඇති බවට වන සැකය මත විමර්ශනයක් සිදුකෙරුණු අතර මීටපෙර අවස්ථා කිහිපයකදී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබිණි.

කෙසේවෙතත් මීට සති කිහිපයකට පෙර නැවත වරක් ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දුන් අවස්ථාවේදී ඔහු විදේශගතව සිටින බව වාර්තා වී ඇති අතර ඒ පිළිබඳව CID ය අධිකරණයට දැනුම් දී තිබේ.

ඔහුව ඊයේ (05) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන ඇත්තේ එහිදී ලැබුණු අධිකරණ නියෝගයක් අනුව බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...