ගුදම් තුළ දිරාපත් වෙමින් තිබෙන භාණ්ඩ ඇතුළු බහාලූ 88ක් සතියක් ඇතුළත ඉවත් කිරීමට පියවර

Date:

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් ලබාදී ඇත්තේ ,වරාය අධිකාරියේ ගුදම් තුළ දිරාපත් වෙමින් තිබෙන භාණ්ඩ ඇතුළු බහාලූ 88ක් සතියක් ඇතුළත ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

වරාය අධිකාරිය පසුගිය දා දැනුම් දී තිබුණේ වසර ගණනාවක් තිස්සේ ආනයනය කර රේගුව විසින් රඳවා ගත් රුපියල් බිලියන 05ක් පමණ වටිනා භාණ්ඩ සහ බහාලූ තොගයක් වරාය පර්යන්තයේ හා ගුදම් තුළ සිර වී ඇති බවත් එම භාණ්ඩ හා බහාලූ අතර පුවක්, බාස්මතී සහල්, ටයිල්, වාහන, වාහන අමතර කොටස්, රෙදිපිළි, ලිපිද්‍රව්‍ය, මත්පැන් හා එතනෝල් ද වන බවයි.

මේ නිසා වරාය අධිකාරියට මූල්‍ය වශයෙන් විශාල පාඩුවක් හා පර්යන්තවල ඉඩ ඇහිරීම හේතුවෙන් විශාල පරිපාලනමය ගැටලුවකට මුහුණ දී ඇති බව වරාය අධිකාරියේ නිලධාරීන් පෙන්වා දී ඇති අතර රේගු ආඥා පනතට අනුව කටයුතු කිරීමේදී මෙවැනි ප්‍රමාදයන් සිදුවන බව රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත.

නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ යල් පැන ගිය රේගු ආඥා පනත සංශෝධනය කර කාර්යක්ෂම නිශ්කාෂන ක්‍රියාවලියක් සඳහා ක්‍රියා කළ යුතු බවයි. ඒ අනුව වරාය අධිකාරියට ගුදම් ගාස්තු වශයෙන් රේගුව උපයාගත් මුදලින් අය කර ගැනීමට නීතීයෙන් ඉඩකඩ නොමැති බැවින් අදාළ භාණ්ඩ ඇතුළු බහාලු 88 සතියක් ඇතුළත ඉවත් කර ගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා පවසා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය