ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක තනි නොකරන බවට පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්ගෙන් පොරොන්දුවක්!

Date:

කොළඹ සිටි සෙන්ටර්හි පැවති භූ දේශපාලන සිතියම් විද්‍යාව පිළිබඳ මංගල සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් ගැටලුකාරි තත්ත්වයකට පත්ව සිටියද කිසිදු අවස්ථාවක තනි නොකර පොදු රාජ්‍ය මණ්ඩලය නිරතුරුවම ශ්‍රී ලංකාව සමඟ සිටින බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ප්‍රකාශ කළාය.

බහු අර්බුද යුගයක පොදුරාජ්‍ය මණ්ඩලයේ කාර්යභාරය‘ යන තේමාව යටතේ මෙය සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය:

“අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින පීඩාකාරි තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් මා තුළ තිබෙනවා. එම පීඩාකාරී තත්ත්වය ශ්‍රී ලංකාවට දරාගැනීම අසීරු බවත් ඒ තත්ත්වය හමුවේ යම් අස්ථාවර භාවයක් සහ හුදෙකලා බවක් සමඟ යම්කිසි බියක් ශ්‍රී ලාංකික ජනතාව තුළ උද්ගතව ඇති බවත් මා දන්නවා. එහෙත් ඔබ කිසිවිටක තනි වී නැහැ. ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල පවුලේ සාමාජිකයකු බව අමතක නොකළ යුතු බව මා සඳහන් කිරීමට කැමැතියි. පොදුරාජ්‍ය මණ්ඩලයේ අප සියලුදෙනා එක පවුලක සාමාජිකයන් ලෙස එකිනෙකා කෙරෙහි වගකීමකින් බැඳී සිටිනවා. ඒ වගකීම සහ අප අතර ඇති බැඳීම නිසා අභියෝග හමුවේ කිසිවකුට තනි වීමට ඉඩ තබන්නේ නැහැ.”

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

“පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේ සහ අප්‍රිකාවේ හොඳ මිතුරියක් වන අතර, ඇය අපගේ චින්තනය නියෝජනය කරනවා. ඒ වගේම ඇයගේ ශ්‍රී ලංකා සංචාරයට තවත් විශේෂ හේතුවක් තිබෙනවා. ශ්‍රී ලංකාව නිදහස දිනාගැනීමෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ගත්තා. එදා පටන් අප පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කරනවා. එවැනි පසුබිමක අපේ 75 වන නිදහස් දින සැමරුම සමරන අවස්ථාවේ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය මෙහි සිටීම ඉතා වැදගත් බව අපට හැඟුණා. එම නිසා අපේ 75 වන නිදහස් දින සැමරුමට සහභාගි වන ලෙස අප ඇයට ආරාධනා කළා.“

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද, අමාත්‍ය නසීර් අහමඩ්, හිටපු කථානායක කරු ජයසූරිය, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජයවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් හා විදේශ තානාපතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...