රුසියානු ඉන්ධන සඳහා යුරෝපය තහනමක් පනවයි.

Date:

මොස්කව් මත බලශක්ති යැපීම කප්පාදු කිරීම සහ යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා දඬුවමක් වශයෙන් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ජපානය සහ කැනඩාව (G7) මිත්‍ර රටවල් විසින් එකඟ වූ මිල සීමාවක් සමඟ ඊයේ(05)දිනයේදී ක්‍රෙම්ලිනයේ පොසිල ඉන්ධන ඉපැයීම් තවදුරටත් අඩාල කිරීමට සීමා පනවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව G7නායකයන් රුසියානු බොරතෙල් සඳහා බැරලයකට ඩොලර් 60 ක සීමාවක් පනවා තිබේ. ඒ අනුව, රුසියාවේ ප්‍රධාන ගැටලුව වන්නේ නව ගනුදෙනුකරුවන් සොයා ගැනීම මිස මිල සීමාව මග හැරීම නොවන බව පැවසේ.

මෙම තහනම ප්‍රකාශයට පත් කිරීමට පෙර ආනයනකරුවන් අමතර මිලදී ගැනීම් සමඟ ගබඩා කර ඇති බව පෙනෙන බැවින් දෙසැම්බර් මාසයේදී පමණක් රුසියාව යුරෝපයට ඩීසල් අලෙවියෙන් ඩොලර් බිලියන 2 කට වඩා උපයා ඇත. යුරෝපය දැනටමත් රුසියානු ගල් අඟුරු සහ බොරතෙල් බොහෝමයක් තහනම් කර ඇති අතර මොස්කව් ස්වභාවික ගෑස් බොහොමයක් නැව්ගත කිරීම කපා හැර තිබේ.

මෙහි පරමාර්තය රුසියානු ඩීසල් චීනය සහ ඉන්දියාව වැනි රටවලට ගලා යාමට ඉඩ දීමත්, යුද්ධය සඳහා අරමුදල් සපයන ලාභය අඩු කිරීමත්, ලොව පුරා පාරිභෝගිකයින්ට හානියක් වන හදිසි මිල ඉහළ යාමක් වළක්වා ගැනීමත්, බව යුරෝපා සංගමය සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...