*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

තව දශකයකින් ලෝකයට අවශ්‍ය දැනුම සහිත ශ්‍රමිකයා අප අද නිර්මාණය කළ යුතුයි!

තව දශකයකින් ලෝකයට අවශ්‍ය දැනුම සහිත ශ්‍රමිකයන් වර්තමානය වන විට නිර්මාණය කළ යුතුව ඇති බවත්, වත්මන් පාලකයන්ට මේ පිළිබඳ දැක්මක් නොමැති බවත් ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මාතර දිස්ත්‍රික් ගුරු හමුව අමතමිනි.

“දරුවෙක් පාසල් යන්නේ වසර 13ක්. අවුරුදු 25න් ගුරු පත්වීම ගන්නා ගුරුවරිය වසර 30ක් හෝ 35ක් පාසල් යනවා. වසර 05න් 05ට දැනුම් අලුත් වෙන බව සාමාන්‍ය තර්කයක්. නමුත් අපේ ගුරුවරු ළඟ තිබෙන්නේ වසර 35කට පෙර ලබාගත් දැනුමක්. දැනුම වෙනස් වෙනවා. ඒ නිසා වසර පහෙන් පහට නව දැනුම ලබාදෙන දුරස්ථ පාඨමාලාවන් අපි ආරම්භ කළ යුතුවෙනවා. නව දැනුම ගුරුවරුන් වෙත ගලාගෙන යා යුතුයි. පරිගණක භාවිතය, අන්තර්ජාලය සැරිසැරීම, තාක්ෂණය එකතු කර ගැනීම පිළිබඳ දැනුම ගරුවරයාට අවශ්‍යයි. එය අපි වර්ධනය කළ යුතුයි.

ගුරු වෘත්තිය අපේ රටේ ප්‍රධාන වෘත්තීන්ගෙන් දහයෙන් එකක් තුළට ගේනවා. ගුරුවරයෙකුට සමාජයේ පිළිගැනීමක් සහිත වටිනාකමක් සහිත වැටුප් තලයක් හිමි විය යුතුයි. අපේ රට ගොඩඒමේ මාවත ලෙස අධ්‍යාපනය අපි පිළිගන්නවා. අපි නව අධ්‍යාපන ක්ෂේත්‍ර ගණනාවක් ගැන සොයා බලමින් ඉන්නවා . අපි සොයා බැලුවා ඉන්දියාවේ අයි.ටී.වලින් ඉහළට ආ ආකාරය පිළිබඳව. 1990 දශකයේ ආරම්භයත් සමග 3G, 4G කිසිවක් නැති කාලයේ ටවර් එකක් වටා කිලෝ මීටර් දෙකක සීමාවක සිග්නල් තිබෙන ප්‍රදේශයේ අයි.ටී. යුනිවර්සිටි එකක් ආරම්භ කරනවා. ඒ අසළම අයි.ටී. සිටි එකක් ස්ථාපිත කරනවා. කිලෝ මීටර් දෙකක ආසන්න ප්‍රදේශයේ. එහෙම ආරම්භ කළ ඉන්දියාව ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියාවේ කෙනෙක් වී තිබෙනවා. ලෝකයේ ප්‍රධානම මෘදුකාංග සමාගම්වල උඩින්ම ඉන්නේ ඉන්දියානුවන්. ඔවුන් 21 වැනි සියවසට අවශ්‍ය ශ්‍රමිකයා කවුදැයි හඳුනා ගත්තා. මේ ශත වර්ෂයට අවශ්‍ය වන ශ්‍රමිකයා ඔවුන් ගිය ශත වර්ෂයේ හැදුවා. අපේ පාලකයන්ට එහෙම දැක්මක් තිබුණේ නැහැ. ඊළඟ දශකයේ ලෝකයේ ශ්‍රමිකයා කවුද? තව අවුරුදු දහයකින් නව දැනුම සහිත ශ්‍රමිකයන් ලෝකයට ඕනෑ වෙනවා. තව දශකයකින් ලෝකයට අවශ්‍ය දැනුම සහිත ශ්‍රමිකයා අපි අද නිර්මාණය කරන්න ඕනෑ. අපේ පාලකයන්ට එහෙම දැක්මක් නැහැ.

නව දැනුමක් සහිත නූතන වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයා නිර්මාණය කරන්න අපිට නොහැකි වුණා. ලංකාව ලෝකයේ අත්පත් කරගෙන තිබෙන්නේ රියදුරන්, ගෘහ සේවකයන්ගේ ශ්‍රම වෙළඳපොළයි. මේ පාලකයෝ පරම්පරා ගණනාවකින් අපේ පරම්පරාව පස්සට ගෙනගොස් තිබෙනවා. මේ වෙලාවේ ලෝකයේ සිටිය යුතු පරම්පරාව නොවෙයි ලංකාවේ සිටින්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ලෝකෙට නව ලෝක වෙළඳපොළට අවශ්‍ය නව දැනුම සහිත ශ්‍රමිකයා හදනවා. 2030 දී ලෝකයට මොන වගේ පරම්පරාවක්ද වුවමනාද? ඒ පරම්පරාව අපි හදනවා. අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් කරන්න අපි සූදානම්.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan